ගෙදර බල්ලෙක් හදනවා නම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! අලුත්ම නීතියක් අද පාර්ලිමේන්තුවට
ගෙදර සුරතලයට බල්ලෙක් හදනවා නම්, එහෙමත් නැත්නම් පාරේ ඉන්න අහිංසක සත්තුන්ට කෑම බීම දෙන කෙනෙක් නම් මේ ආරංචිය ඔයාට ගොඩක් වැදගත් වේවි.
ගෙදර සුරතලයට බල්ලෙක් හදනවා නම්, එහෙමත් නැත්නම් පාරේ ඉන්න අහිංසක සත්තුන්ට කෑම බීම දෙන කෙනෙක් නම් මේ ආරංචිය ඔයාට ගොඩක් වැදගත් වේවි.
සුනඛයින් ලියාපදිංචි කිරීම, ගහනය පාලනය කිරීම සහ ජලභීතිකා රෝගය තුරන් කිරීම වෙනුවෙන් සකස් කරපු අලුත්ම පනත් කෙටුම්පතක් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසිනුයි මේ නව පනත සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ. මේ අලුත් නීති රීති හරහා ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමයි. ඒ කටයුතු විධිමත් කරන්න ජාතික මට්ටමේ උපදේශක කමිටුවක් වගේම ප්‍රාදේශීය මට්ටමේ උපදේශක කමිටු පිහිටුවන්නත් මේ පනතින් විධිවිධාන සලස්වා තිබෙනවා
සුනඛයින් ඇති කරන අයට මෙන්ම මහමග සිටින සුනඛයින් සම්බන්ධයෙන් මේ හරහා ඉදිරියේදී ගන්නා තීරණ මොනවාද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති අතර, මෙම නව පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම හෙට (25) දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතයි. වසර ගණනාවක් තිස්සේ කතාබහට ලක්වුණු මේ ප්‍රශ්නයට අලුත් පනතින් කොයි වගේ විසඳුමක් ලැබෙයිද කියලා අපි බලාගෙන ඉමු!
උපුටා ගැනීමක්..
Comments
Post a Comment