Posts

Showing posts from September, 2026

ලක්ෂ ගණන් හම්බ කළත් වැඩක් නෑ, ඔයාගේ ගෙදර මේ වැරදි 20 තියෙනවා නම් කවදාවත් සල්ලි ඉතුරු වෙන්නේ නෑ!

Image
  ​සමහරු රුපියල් 50,000ක් අරන් ලස්සනට ජීවත් වෙද්දි, තවත් සමහරු ලක්ෂ 2-3ක් අරගෙනත් මාසේ අන්තිමට ණය වෙන්නේ ඇයි? මෙහෙම වෙන්න හේතුව ඔයාගේ "ආදායම" නෙවෙයි. අපේ නරක පුරුදු. අපි නොදැනුවත්වම කරන මේ "නරක මූල්‍ය පුරුදු" 20 අද ඉදන් හදාගත්තොත්, ඔයා හෙට ඉදන්ම පොහොසත් වෙන්න පටන් ගන්නවා. කියවන්න 01. වියදම් කරලා ඉතුරු වුණොත් විතරක් ඉතුරු කිරීම (Paying Yourself Last) ගොඩක් අය පඩිය ගත්ත ගමන් කරන්නේ බිල් ගෙවන එකයි, කන බොන එකයි. අන්තිමට ඉතුරු වුණොත් විතරක් ඉතුරු කරනවා. කරන්න ඕන දේ තමයි පඩියෙන් 10%ක් හරි මුලින්ම ඉතුරු කරලා, ඉතුරු ටිකෙන් මාසෙ දුවන එක. 02. ක්‍රෙඩිට් කාඩ් උගුලේ හිරවීම ​මාසේ අන්තිමට ක්‍රෙඩිට් කාඩ් බිලෙන් "අවම මුදල" (Minimum payment) විතරක් ගෙව ගෙව ඉන්නවා නම් ඔයා ඉන්නේ ලොකු අමාරුවක. 20%-25% පොලියක් ඔයා නිකරුණේ බැංකුවට ගෙවනවා. ​ ​ 03. හදිසි අරමුදලක් (Emergency Fund) නැතිකම ). 07. ආයෝජනය කරන්න කල් මැරීම (Waiting to Invest) "තව ටිකක් සල්ලි එකතු වුණාම ඉන්වෙස්ට් කරනවා" කියලා හිත හිත හිටියොත් කවදාවත් ඒක කරන්න වෙන්නේ ...

බුකියම රත් කළ කළණගේ විවාහයේ තවත් සුන්දර රහසක්… රතු පාටින් හැඩවුණු ඒ ආදරණීය මොහොත....

Image
කලා ලෝකයේ කාගේත් ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන කළණ ගුණසේකර, මේ දවස්වල ආයෙමත් කාගේත් කතාබහට ලක්වෙන්නේ ඔහුගේ ජීවිතයේ අලුත්ම පියවර නිසාමයි.. කියවන්න පසුගියදා යුග දිවියට පිවිසි කළණගේ විවාහ මංගල්‍යයේ සුන්දර ඡායාරූප රැසක් සමාජ මාධ්‍යයට එක්වීමත් සමඟ, ඒවාට රසිකයන්ගෙන් ලැබුණේත් උණුසුම් ප්‍රතිචාරයක්. ඒ අතරේ අපේ ඇස ගැටුණු තවත් අපූරු ඡායාරූප කිහිපයක් තමයි මේ… රතු පාටින් හැඩවෙලා, මංගල දවසේ ආදරණීය බව තවත් ලස්සනට ඉස්මතු කරමින් සිටින මේ යුවළගේ සුන්දරත්වය නම් ඇත්තටම කැපී පෙනෙනවා. සම්පූර්ණ විස්තරය කළණගේ ජීවිතයේ අලුත් ගමනට ආදරය, සතුට සහ සුන්දර මතකයන් පිරුණු දවසක් වෙයි මේකත්.. බලන්නකෝ… රතු පාටින් හැඩවුණු මේ දෙන්නා කොච්චර ලස්සනද කියලා

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා - රජයෙන්ම ගුවන් ටිකට් පත් ලබාදෙයි

Image
කියවන්න ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිත 369 දෙනෙකුට අධික පිරිසකට ගුවන් ටිකට් පත් ලබාදීම සිදු කර ඇත. මෙම වසර තුළ ඊශ්‍රායලයේ රැකියා සඳහා එකවර පිටත්ව යන විශාලම පිරිස මෙය වන අතර ඊශ්‍රායලයේ විවිධ අංශවල රැකියාවල මෙම පිරිස නිරතවීමට නියමිතයි. සම්පූර්ණ විස්තරය හෝටල් ආශ්‍රිතව රැකියා 164ක් / අවන්හල් ආශ්‍රිතව රැකියා සඳහා 175 දෙනෙකු මෙන්ම නිෂ්පාදන අංශයේ රැකියා සඳහා 35 දෙනෙකු මෙසේ පිටත්ව යනවා. ගුවන් ටිකට් පත් පිරිනැමීම සිදුකෙරුණේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන්ය. උපුටා ගැනීමක්..

මහනුවර යන අය පරිස්සමින්.. මොකද්ද මේ අලුත්ම Entrance එක? මොහොතක් ඇතුළත, හතරක් රෝහලේ..

Image
මහනුවර පොදු වෙළඳපොළ පරිශ්‍රය පිටුපසින් යන අයට අද සිදුවුණේ හිතාගන්නවත් බැරි දෙයක් කියවන්න ​​ එහි පිහිටි පදික වේදිකාවේ කොටසක් හදිසියේම ගිලා බැසීමකට ලක්වීමත් සමඟ එම ස්ථානයේ සිටි සිව්දෙනෙකු අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ සිව්දෙනාම මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ. වාසනාවකට ඔවුන්ට සිදුව ඇත්තේ සුළු තුවාල පමණක් වන අතර, තුවාල ලැබූ කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්. සම්පූර්ණ විස්තරය එකපාරටම පාර යටට ගිලා බැස්සොත්… එතනින් යන කෙනෙක් මොනවා හිතයිද? මෙවැනි අනතුරුදායක ස්ථානවලින් ගමන් කිරීමේදී සැලකිලිමත් වෙන්න
Image
පසුගිය දිනවල රන් මිල නිරන්තරයෙන් උච්චාවචනය වුවත් අද(29) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් ෛඉයේ දින මිල ගණන්වලට සාපේක්ෂව විශාල ලෙස වෙන නොවෙන බව වාර්තා වේ. කියවන්න ​ ඒ අනුව අද දින මෙර රන් මිල සඳහන් වූයේ, ඒ, කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 354,995ක් සහ එහි විකුණුම් මිල රුපියල් 380,015ක් කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 325,150ක් සහ එහි විකුණුම් මිල රුපියල් 348,160ක් කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 310,625ක් සහ එහි විකුණුම් මිල රුපියල් 332,565ක්. සම්පූර්ණ විස්තරය කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 266,310ක් සහ එහි විකුණුම් මිල රුපියල් 284,960ක් ලෙසයි. කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.

මාස 03කට රජයෙන් සහනාධාරයක්… ඩීසල් පාවිච්චි කරන අයට අමුතු විදිහේ ආරංචියක්..

Image
ඉදිරි මාස 03 සඳහා වන රජයේ ඩීසල් සහනාධාරය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කියවන්න ඒ අනුව, ඔක්තෝබර් මාසය සඳහා රුපියල් බිලියන15 ක් ද, නොවැම්බර් මාසය සඳහා රුපියල් බිලියන 13.5 ක් සහ දෙසැම්බර් මස සඳහා රුපියල් බිලියන 12.5 ක් ලෙස ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ. සම්පූර්ණ විස්තරය කෙසේ වෙතත්, අද කැබිනට් අනුමැතිය හිමි වූ සහනාධාරය පෙට්‍රල් සඳහා ලබා දෙන්නේ නැහැ.

අද පැය 13ක් වතුර නෑ.. මේ ප්‍රදේශවල අය කලින්ම ලෑස්ති වෙන්න..

Image
අද (30) උදේ 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි. කියවන්න ජලය කැපෙන ප්‍රදේශ මෙන්න මඩුවන්වෙල කරගහයාය මහයාය කෑල්ල අලුබෝද වැල්කැටිය ජදුර සම්පූර්ණ විස්තරය ඒ රත්නපුර, කොලොන්න ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි. ඒ නිසා ජල සැපයුම නවත්වන්න කලින් අවශ්‍ය තරම් ජලය රැස්කරගෙන, තියෙන ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දවල්ට බත් කාලා ටිකක් ඇලවෙන්න පුරුදු වෙලා ඉන්නවා නම් මේක අනිවාර්යයෙන්ම කියවන්න!

Image
අපි කවුරුත් ආසයිනේ දවල්ට බත් ටිකක් කාලා ටිකක් වෙලා ඇලවෙන්න. හැබැයි මේ දවල් නින්ද හැමෝටම එක වගේ ගුණ දෙන්නේ නැහැ කියන කතාව ඔබ දන්නවාද? වෛද්‍ය එම්. කේ. එන්.ජී. සඳුන්ගම මහතා පෙන්වා දෙන විදියට, ආයුර්වේදයේ එන චරක සංහිතාවට අනුව අපි ගන්න කෑම වගේම අපේ නින්දත් අපේ මහත, කෙට්ටු බව සහ නිරෝගීකම තීරණය කරන ප්‍රධානම සාධකයක් වෙනවා. දවල් නින්ද සමහරුන්ට අමෘතයක් වෙද්දී, තවත් අයට ඒක ලෙඩ ගොඩක් කැඳවන වසක් වෙනවා. කියවන්න ඔබ දවල් නින්දට කැමති කෙනෙක් නම්, ඊට කලින් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන කරුණු ටික තමයි මේ. දවල් නින්ද ගුණදායක වෙන්නේ කාටද? පාඩම් වැඩ කරන අයට, මහන්සි වෙලා බර වැඩ කරන අයට වගේම දුර ගමන් ගොස් වෙහෙස වුණු අයට දවල් නින්ද ගොඩක් ගුණදායකයි. කුඩා දරුවන්ට, වයසක අයට, ශරීරය දුර්වල වුණු අයට වගේම වාහන පදවලා රෑ නිදිමරපු අයටත් දවල්ට නිදාගන්න එක හොඳයි. තරහෙන්, දුකින් හෝ බයෙන් පෙළෙන අයට වගේම මානසික ආබාධ තියෙන අයට දවල් නින්දෙන් ලොකු සහනයක් ලැබෙනවා. අජීර්ණ, ක්ෂය රෝග, හතිය, හික්කාව සහ අතීසාරය වගේ රෝග තියෙන අයටත් මේක සුදුසුයි. nවිශේෂම දේ: දැඩි රස්නයක් තියෙන ග්‍රීෂ්ම කාලයේදී විතර...

අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!

Image
  අපේ ගෙවල් වල හැමදාම හවසට බුදුන්ට පහන පත්තු කළාට ඒ පහන ඇතුලට පුංචි කරාබු නැටි කෑල්ලකුයි, කුරුදු කෑල්ලකුයි දැම්මොත් වෙන දේවල් ගැන ඔබ කීයෙන් කීදෙනාද දන්නේ. ඉතින් ගෙදරට ධනය ආකර්ෂණය වෙනවා කියලා කියන මේ සරල රහස පිටිපස්සේ තියෙන ඇත්තම වාස්තු විද්‍යාත්මක සහ විද්‍යාත්මක හේතුව අද අපි කතා කරමු. කියවන්න එහෙනම් අද හවසට පහන තියන්න කලින් අනිවාර්යයෙන්ම මේ දේ කරන්න අමතක කරන්න එපා. මේ කාරණාව ප්‍රධාන මාතෘකා හතරක් යටතේ අද අපි ඉතාම කෙටියෙන් ඔබට කියන්නම්. ඒ තමයි මෙවගින් නිවසට ධනාත්මක බලය පතුරවන ආකාරය, මනෝවිද්‍යාත්මක බලපෑම, සෞඛ්‍යමය සහ විද්‍යාත්මක හේතු සහ අවසානයට ග්‍රහයන් සහ ධනලක්ෂ්මි දේවියගේ බැල්ම වැටීම කියන ප්‍රධාන මාතෘකා හතරයි. 01 නිවසට ධනාත්මක බලය පතුරවන්නේ කොහොමද? වාස්තු විද්‍යාවට අනුව කරාබු නැටි කියලා කියන්නේ නිවසේ ඇති අහිතකර හෝ නිශේධාත්මක ශක්තීන්, එහෙම නැත්නම් negative energy උරාගෙන විනාශ කිරීමේ බලයක් තියෙන ද්‍රව්‍යයක්. ඒ වගේම කුරුදු යනු ධනාත්මක ශක්තිය, එහෙම නැත්නම් positive energy වේගයෙන් වර්ධනය කරන ද්‍රව්‍යයක් විදිහට සලකන දෙයක්. දැන් පහන දල්වන විට තෙල...

රෑට නිදාගන්න කලින් මේ දේ කාමරෙන් තියන්න.. එක මදුරුවෙක්වත් ඉතුරු වෙන්නේ නෑ!

Image
  රෑට සුවපහසු නින්දක් ලබන්න අපි හැමෝම වගේ කැමතියි. හැබැයි ඉතින් නිදා ගන්න හදනකොටම මදුරුවන් නින්දට බාධා කරන්න ගත්තොත් මුළු රෑ පුරාම නින්දක් නැතිවෙනවා. මදුරු දගර කොයිල් හෝ කෙමිකල් දියර වර්ග පාවිච්චි කරලා මදුරුවන් පළවා හරින්න පුළුවන් වුනත් ඒවායේ තිබෙන රසායනික ද්‍රව්‍ය අපේ ස්වශන පද්ධතියට වගේම දිගුකාලීනව සෞඛ්‍යයටත් අහිතකර වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ නිදන කාමරයේ ඉන්න හැම මදුරුවෙක්ම ස්වාභාවිකව සහ ආරක්ෂිතව පන්නා දමා සුව නින්දක් ලබා ගන්න පුළුවන් සුපිරිම ක්‍රම කිහිපයක් පිළිබඳව අපි අද ඔබට කියනවා. කියවන්න 01 පැඟිරි තෙල් සහ කපුරු පැඟිරි තෙල් සහ කපුරු මදුරුවෝ සුවඳට සංවේදී වුණත් උන් අකමැති සුවඳවල් කිහිපයක් තිබෙනවා. පැඟිරි තෙල් කියන්නේ මදුරුවෝ පලවා හරින සුපිරිම ස්වභාවික සහායකයෙක්. නිදාගන්න පැයකට විතර කලින් පැඟිරි තෙල් බින්දු කිහිපයක් වතුරට දමා කාමරය පුරා ඉසින්න. නැතහොත් කපුරු කැට කිහිපයක් වතුර පිඟානක දමා කාමරේ කොණකින් තියන්න. කපුරු වාෂ්ප වන විට මදුරුවෝ කාමරයෙන් පලා යනවා. ​02 සුදුළුණු සහ ලෙමන් යුෂ සුදුළුණු සහ ලෙමන් යුෂ. සුදුළුණු වල තිබෙන තද ගන්ධයට මදුරුවෝ ක...

ඔබේ බඩවැල් ඇතුලේ හැංගිලා ඉන්න "නොපෙනෙන හතුරෝ" විනාඩි 3කින් පන්නලා දාමුද?

Image
  අපි හැමෝම දවස පටන් ගන්නේ හරිම කාර්යබහුල විදිහට. උදේට කඩිමුඩියේ මොනවා හරි කටේ දාගන්න අපි, දවල්ටත් ලේසියට කඩෙන් මොනවා හරි කාලා බඩ පුරවා ගන්නවා. ඒත් අපි කවදාහරි මොහොතක් නැවතිලා හිතලා තියෙනවද, මේ අපි කන බොන දේවල් එක්ක අපේ ඇඟ ඇතුළට තව මොනවද යන්නේ කියලා? සමහර වෙලාවට ඔබට දැනෙන මහන්සිය, බඩ පුරවා දැමීම, එහෙමත් නැත්නම් නිකම්ම දැනෙන අලසකම හුදෙක් කාර්යබහුලකමේ ප්‍රතිඵලයක්ම නෙවෙයි වෙන්න පුළුවන්. ඒක ඔබේ සිරුර ඇතුළේ, විශේෂයෙන්ම ඔබේ බඩවැල් (Gut) ඇතුළේ හැංගිලා ඉඳන් ඔබේ ශක්තිය උරා බොන පරපෝෂිතයන්ගේ (Parasites) රහසිගත ක්‍රියාකාරකමක් වෙන්නත් පුළුවන්. කියවන්න මීට දශක කිහිපයකට කලින් අපේ ආච්චිලා සීයලා මේ දේවල් වලට ස්වභාවික විසඳුම් පාවිච්චි කළා. ඔවුන්ට ලෙඩක් දුකක් හැදුණම දුවගෙන ගියේ ෆාමසියට නෙමෙයි, කුස්සියට නැත්නම් ගෙවත්තට. හැබැයි අද වෙනකොට අපි පුරුදු වෙලා ඉන්නේ පොඩි අපහසුතාවයක් ආවත් අධික මිල ගණන් යටතේ විවිධ ඖෂධ, Supplements සහ විටමින් වර්ග පස්සේ දුවන්න. ඒත් ඇත්තම කතාව නම්, මේ නොපෙනෙන හතුරන්ව අපේ සිරුරෙන් එළවලා දාන්න සුපිරි වෙළඳසැල් වලින් හෝ ෆාමසි වලින් මිලදී ගන්නා මිල අධික Gu...

ඔබ කොතරම් කොළ මැල්ලුම් කෑවත් ඇගට යකඩ උරා නොගන්නා හේතුව මෙන්න

Image
  ලේ අඩුකමට (Anemia) එහෙමත් නැත්නම් හිමොග්ලොබින් මට්ටම වැඩිකරගන්න තියෙන හොඳම විසඳුම විදිහට අපි හැමෝම කරන්නේ ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා වගේ පලා වර්ග දවස ගානේ කෑමට එකතු කරගන්න එක. හැබැයි "මම හැමදාම කොළ මැල්ලුම් කනවා, ඒත් තාම ලේ අඩුයිනේ, ඇඟට පණ නෑනේ" කියලා ගොඩක් අය මැසිවිලි නගනවා ඔබත් අසා ඇති. කියවන්න ඔබ කොතරම් ගොටුකොළ කෑවත්, ඒකට "දෙහි බිංදුවක්" එකතු කළේ නැත්නම්, ඒ කන යකඩ වලින් 90% ක්ම කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව මළපහ සමඟ ශරීරයෙන් පිටවී යන බව ඔබ දන්නවාද? ​ ඇයි එහෙම වෙන්නේ? (විද්‍යාත්මක හේතුව) ​ අපේ ආහාර වල ප්‍රධාන වශයෙන් යකඩ (Iron) වර්ග දෙකක් තියෙනවා:. Heme Iron (මස්, මාළු, කරවල වල ඇති යකඩ): මේවා අපේ ශරීරයට කිසිම අමතර උදව්වක් නැතුව ඉතා පහසුවෙන් උරාගන්නවා. Non-Heme Iron (පලා වර්ග, පරිප්පු, ධාන්‍ය වල ඇති යකඩ): ශාකමය ආහාර වල තියෙන මේ යකඩ අපේ බඩවැල් වලට තනිවම උරාගන්න (Absorb) හරිම අමාරුයි. සම්පූර්ණ විස්තරය පලා වර්ග වල කොතරම් යකඩ තිබුණත්, ඒ යකඩ අපේ රුධිරයට එකතු කරගන්න නම් අනි...

ශල්‍ය වෛද්‍ය පුහුණු විද්‍යාගාරයක තියෙන ලක්ෂ ගණන් වටිනා අන්වීක්ෂ මැද්දේ, කොළ පාට පොඩි මිදි ගෙඩියක් තියලා තියෙනවා දැක්කොත්ඔබට මොකද හිතෙන්නේ ?

Image
මුලින්ම දකිද්දී ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ මේක මොකක් හරි විහිළුවක් කියලා. ඩොක්ටර්ස්ලා තමන්ගේ විවේක වෙලාවට කන්න ගෙනාපු පළතුරක් එක්ක සෙල්ලම් කරනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්ත කතාව ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඇත්තටම සර්ජන් කෙනෙක් වෙන එක ලේසි නෑ කියන එක. අවුරුදු ගණන් පොත් පාඩම් කරන්න ඕන. හැබැයි අතින් කරන වැඩේ? ඒක සම්පූර්ණයෙන්ම වෙනම කලාවක්. මිනිස් මොළය ආවරණය කරන සියුම් Dura mater පටලය, නැත්නම් මිලිමීටරයකටත් වඩා අඩු රුධිර නාලිකා කියන්නේ කිසිම වැරදීමකට ඉඩක් නැති තැන්. කියවන්න එතකොට මේ තරම් අතිශය සියුම් සුක්ෂම වැඩක් කෙනෙක් පුරුදු වෙන්න පටන් ගන්නේ කොහොමද? මෙන්න මෙතැනදී තමයි අර කියපු මිදි ගෙඩිය වෛද්‍යවරුන්ට උදව්වට එන්නේ. විශේෂයෙන්ම ක්ෂුද්‍ර ශල්‍යකර්ම හෙවත් Microsurgery පුහුණු වෙන අයට ලෝකයේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය පීඨවල මුලින්ම අතට දෙන්නේ මේ වගේ පළතුරක්. හිතලා බලන්නකෝ මිදි ගෙඩියක ස්වභාවය. එක පැත්තකින් ඒක ඇතුළේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම වතුර පිරුණු, අභ්‍යන්තර පීඩනය වැඩි බිඳෙනසුලු මාංශයක්. ඒ වටේට තියෙන්නේ පුදුම විදිහේ හීනි, ඇදෙන සුළු, ඒත් එක්කම එක පොඩි වැරදීම...

ඇස් පෙනීම 100%ක් බලවත් කරන සුපිරි රහස් පානය සහ දිව්‍යමය ආහාර 7

Image
  අද කාලයේ අපි වැඩිපුරම කාලය ගත කරන්නේ ස්මාර්ට් ෆෝන්, පරිගණක සහ රූපවාහිනී තිර ඉදිරිපිටයි. මේ නිසාම තාරුණ්‍යයේ පසුවන්නන් වගේම කුඩා දරුවන් පවා ඇස් පෙනීමේ දුර්වලතා, ඇස් රිදීම සහ ඇස් වියළීම වැනි ගැටලුවලට නිතර මුහුණ දෙනවා. කන්නාඩි පැළඳීම තාවකාලික විසඳුමක් වුණත්, අපේ ඇස් පෙනීම ස්වාභාවිකවම 100%ක්ම ශක්තිමත් කරගන්න පුළුවන් අපූරු රහස් පානයක් සහ දිව්‍යමය ආහාර 7ක් පිළිබඳවයි මේ ලිපිය. කියවන්න ඇස් පෙනීම සුපිරි කරන රහස් දිව්‍යමය පානය ඇස් පෙනීම පුදුමාකාර ලෙස වර්ධනය කරන, ශරීරයට ක්ෂණික ශක්තියක් ලබා දෙන කදිම රහස් පානයක් නිවසේදීම පහසුවෙන් සාදාගත හැකියි. අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් කැරට් අල 2ක්, කුඩා බීට්රූට් කැබැල්ලක්, නෙල්ලි ගෙඩි 2ක් (ඇට ඉවත් කළ) සහ පිරිසිදු මී පැණි තේ හැන්දක්. සාදාගන්නා ක්‍රමය: කැරට්, බීට්රූට් සහ නෙල්ලි හොඳින් සෝදා, කුඩා කැබලිවලට කපා බ්ලෙන්ඩර් කර යුෂ වෙන් කරගන්න. පසුව එයට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කරන්න. මෙම පානය දිනපතා උදෑසන හිස්බඩ පානය කිරීමෙන් මාසයක් වැනි කෙටි කාලයක් තුළ ඔබේ ඇස් පෙනීමේ කැපී පෙනෙන වෙනසක් අත්විඳිය හැකියි. මෙහි අඩංගු ඉහළ විටමින් සහ...

දරුවන්ට සැමියට ආදරේ නම් ඔයා කවදත් මේ වැරැද්ද කරන්න එපා.!

Image
එහෙනම් ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපි කවුරුත් අතින් නොදැනුවත්වම සිද්ධ වෙන, හැබැයි මුළු ජීවිත කාලයම විඳවන්න වෙන භයානක පුරුද්දක් ගැනයි.අපි හැමෝගෙම ගෙවල් වල මේක වෙනවා කිව්වොත් හරි. කියවන්න ව්‍යංජනයක් උයන්න හදනකොට දවස් දෙකකට කලින් භාවිතයට ගත්තු පොල් බෑව අතට ගන්නවා. පොඩ්ඩක් පුස් කාලා වගේ නේද? සුදු පාටට, අළු පාටට පුස් දැක්කම හිතට දෙගිඩියාවක් එනවා. අපරාදේනේ, ගානත් එක්ක මේක විසි කරන්නේ කොහොමද කියලා හිතලා අපි මොකද කරන්නේ? පිහියෙන් ඒ පුස් ටික සූරලා, හෝදලා ආයෙමත් කෑමට ගන්නවා. යාලුවනේ, ඔන්න එතන තමයි අපි කරගන්න ලොකුම වැරැද්ද. මේක නිකන්ම අපිරිසිදු කමක් නෙවෙයි. මේක විද්‍යාත්මකව ඊට වඩා බරපතල කතාවක්. ඇයි කියලත් අද අපි කතා කරමු. පෙනෙන දේට වඩා නොපෙනෙන දේ භයානකයි: අපි දකින්නේ පුස් වල මතුපිට කොටස විතරයි. මේක හරියට අයිස් කන්දක් වගේ අපිට නොපෙනුනාට, මේ පුස් වල මයිසිලියම් කියන අන්වීක්ෂීය මුල් පොල් මදය අස්සටම රිංගලා ඉවරයි. ඔයා මතුපිට කොච්චර හේතුවත් මේ ඇතුලට ගියපු විෂ සහිත මුල් අයින් කරන්න බැහැ. සම්පූර්ණ විස්තරය රත් කළාට මැරෙන...

ඇසේ සුද ඉවත් කරන විශ්මිත දිව ඔසුවක් ගැන ඔබ නොදත් තොරතුරු මෙන්න... වල් පැළෑටියක් කියලා විසි කරන්න එපා...

Image
  වර්තමාන අවධානයෙන් ගිලිහුණ තවත් එක් විශේෂ ශාකයක් ගැනයි මේ කතාව.. ලංකාවේ බොහෝ තැන්වල නිතර දෙවේලේ දකින්න හමුවෙන මේ ශාකය ඔබේ ඇසටත් හුරු ඇති.. මේ කියන්න යන්නේ නලල් බටු ශාකය ගැනයි.. අපි ප්‍රයෝජනයට නොගන්නා වල් පැලෑටි සේ සලකන ශාක රාශිය අතුරින් නලල් බටු නැත්නම් නලල් මොට්ටු කියන්නේ රසවත්, ගුණවත් ආහාරයක් වගේම ඖෂධයක්.. කියවන්න මොට්ටු යන නමින් ද හඳුන්වන මේ ශාකය පිළිබඳව බොහෝදෙනා තුළ ඇති නොදැනුවත්භාවය නිසාම බොහෝ අය මේ වටිනා පැලෑටිය ගලවා විසිකර දමනවා.. නමුත් මේ නලල් බටු ගෙඩි නලලට තියා පුපුරවා ලබා විනෝදයට එහා ගිය අපූරු වටිනාකමක් ඒ පැලෑටිය සතු වෙනවා.. එහි නියම ගුණ පර්යේෂණ මට්ටමින් සොයා ගත් බොහෝ විදේශ රටවල මේ පළතුරු ඉහළ මිලට අලෙවි කරනවා... නමුත් මේ ශාකය පළතුරක් විදියට පලාවක් විදියට ඖෂධයක් විදියට අතිශයින්ම අපිට වැදගත් වෙනවා.. තෙත් සහිත සෙවණ සහිත පසක හට ගන්නා මේ නලල් මොට්ටු ශාකය wild cape gooseberry/ ground chery / native gooseberry ආදී වශයෙන් හඳුන්වනු ලබනවා... මේ ශාකය solanaceae කුලයට අයත් ඒක වාර්ෂික පැලෑටියක්.. මේ නලල් මොට්ටු ශාකයේ ප්‍රභේද දෙකක් හීන් මොට්ටු ...

ඔබේ අල්ලේ M අකුර තියනවද ඔබ අතිවිශේෂ කෙනෙක්

Image
  අත්ල මැද 'M' අකුරක් තිබීම ගැන ලෝකය පුරා ඇත්තේ පුදුමාකාර උනන්දුවක්. ඔබේ අත්ල දෙසත් මොහොතක් බලන්න. ප්‍රධාන රේඛා කිහිපයක එකතුවෙන් නිර්මාණය වන මේ 'M' සලකුණ ඔබේ අතෙත් තියෙනවාද? ​බොහෝ දෙනෙක් විශ්වාස කරන පරිදි, මෙය හුදෙක් රේඛා කිහිපයක එකතුවක්ම පමණක් නොවෙයි. මෙන්න ඒ පිටුපස සැඟවුණු අභිරහස් සහ රසවත් කරුණු කිහිපයක්! 'M' අකුර හැදෙන්නේ කොහොමද? කියවන්න අත්ලේ ඇති ප්‍රධාන රේඛා හතරක් එකිනෙක සම්බන්ධ වීමෙන් මෙම සලකුණ නිර්මාණය වේ ජීවන රේඛාව (Life Line) ශීර්ෂ රේඛාව (Head Line) හෘද රේඛාව (Heart Line) දෛව රේඛාව (Fate Line) මෙම රේඛා හතරම මනාව පැහැදිලිව පිහිටා 'M' අකුරක් මැවෙන්නේ ඉතාමත් කලාතුරකිනි. 'M' අකුරේ සැඟවුණු අභිරහස් 5ක් පාරම්පරික දේහ ලක්ෂණ විද්‍යාවට අනුව, අත්ලේ 'M' අකුරක් ඇති අය විශේෂ පුද්ගලයන් ලෙස සැලකේ. 1. සහජ නායකත්වය මෙවැනි සලකුණක් ඇති අය උපතින්ම නායකත්ව ගුණාංග රැගෙන එන්නන් බව පැවසේ. ඔවුන්ට ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ ශක්තියක් ඇති අතර තීරණ ගැනීමේදී ඉතා දක්ෂයි. ​ 2. සත්‍යය හඳුනාගැනීමේ හැකි...

ඇස් යට කළු වීම හා ඉදිමීම මඟහරවාගන්න ක්‍රම කිහිපයක් මෙන්න

Image
  ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇස් යට කළු වීම නැත්නම් ඇස යට තරමක් ඉදිමුම් ස්වභාවයක් ගැනීම. මෙම ඇස් යට අඳුරු පැහැය වගේම ඉදිමීම මුහුණට තදින්ම අවලස්සනක් ගෙන එනවා. කියවන්න ​ ඇස් යට මෙසේ අඳුරු වීමට එහෙමත් නැත්නම් ඉදිමීමට ප්‍රධානම හේතුනම්, ප්‍රමාණවත් සුව නින්දක් නොලැබීම ආතතිය ඔබට නොගැලපෙන විවිධ ආලේපන වර්ග භාවිතා කිරීම නිසා දිගු වෙලාවක් රූපවාහිනිය නැරඹීමට පුරුදු වී සිටීම හෝ පරිගණක තිරය දෙස බොහෝ වෙලාවක් ඇස් යොමු කරගෙන සිටීම දුම්පානය අහිතකර ආහාර වර්ග හා පාන වර්ග ගැනීම මේ අතරින් ප්‍රධානම කරුණ වන්නේ ප්‍රමාණවත් සුව නින්දක් නොලැබීමයි. වෙහෙසකර ඇස් වලට රාත්‍රියේදී නින්දක් හා නිදහසක් අත්‍යවශ්‍යයි. රාත්‍රියේදී නින්දට පෙර බොහෝ වෙලාවක් ජංගම දුරකථනය පාවිච්චි කිරීමට අද සමාජයේ හුඟක් දෙනෙක් පුරුදුවී සිටිනවා.. දවස පුරා වෙහෙස වූ ඇස් රාත්‍රියේදීත් ජංගම දුරකථන තිරය නිසා අධික ලෙස වෙහෙසට පත් වනවා. මේ ආකාරයට දිනපතා ඇස් වෙහෙසට පත්වීමෙන් ඇසෙහි ක්‍රියාකාරීත්වයටද බොහෝ සෙයින් අහිතකර ලෙස බලපෑමක් එල්ලවනවා. මිනිස් සිරුරේ වඩාත්ම සංවේදී ස්ථානයක් වන්නේ ඇසයි. එම න...

ගෙදරට ආවම කිසිම නිදහසක් නැද්ද? කොච්චර හම්බ කළත් සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද?

Image
  අපේ පැරැන්නෝ ගෙවත්තේ ගස් වැව්වේ පලදාව ගන්න විතරක් නෙවෙයි. සමහර ගස් වර්ග වලට පුළුවන් නිවසේ තියෙන "ඍණාත්මක ශක්තිය" (Negative Energy) උරාගෙන, වාස්තු දෝෂ මඟහැරලා මනසට පුදුමාකාර සැනසිල්ලක් ගෙනෙන්න. මනස නිරවුල් නම්, ලෙඩ රෝග අඩු නම් ගෙදරට සිරිපොද වැටෙන එක අහන්නත් දෙයක්ද? කියවන්න මෙන්න විද්‍යාත්මකවත්, වාස්තු විද්‍යාත්මකවත් නිවසකට වාසනාව ගෙනෙන ගස් වර්ග 5ක්: ගෙදරට වාසනාව කැඳවන ගස් 5 (The Lucky Plants): මනි ප්ලාන්ට් (Money Plant): මේකෙන් සල්ලි කඩාහැලෙන්නේ නැති වුණාට, නිවසේ වාතය ඉතාම වේගයෙන් පිරිසිදු කරන (Air Purifier) ප්‍රබල ශාකයක්. වාස්තු වලට අනුව නිවසේ ගිනිකොණ දිග (South-East) මුල්ලේ මේ පැලය තැබීමෙන්, නිවැසියන්ගේ මනස ප්‍රබෝධමත් වී ආර්ථික තීරණ නිවැරදිව ගැනීමට මඟ පෑදෙන බව විශ්වාස කෙරේ. තුල්සි හෙවත් මදුරුතලා (Holy Basil): වාස්තු විද්‍යාවේ "රජු" විදියට සැලකෙන්නේ තුල්සි පැලයයි. දවසේ පැය 20ක්ම ඔක්සිජන් පිටකරන මෙම ශාකය, නිවසට එන රෝග කාරක විෂබීජ විනාශ කරනවා. නිවසේ ප්‍රධාන දොරටුව අසලින් හෝ ඉදිරිපසින් වැවීමෙන් නිවසට ඉමහත් ශ්‍රියාවක් ගෙන දෙන...