අද ඉදන් ගෙදර පහණ දල්වනකොට මේ දේ කරන්න!
- Get link
- X
- Other Apps
අපේ ගෙවල් වල හැමදාම හවසට බුදුන්ට පහන පත්තු කළාට ඒ පහන ඇතුලට පුංචි කරාබු නැටි කෑල්ලකුයි, කුරුදු කෑල්ලකුයි දැම්මොත් වෙන දේවල් ගැන ඔබ කීයෙන් කීදෙනාද දන්නේ.
ඉතින් ගෙදරට ධනය ආකර්ෂණය වෙනවා කියලා කියන මේ සරල රහස පිටිපස්සේ තියෙන ඇත්තම වාස්තු විද්‍යාත්මක සහ විද්‍යාත්මක හේතුව අද අපි කතා කරමු.
ඒ තමයි මෙවගින් නිවසට ධනාත්මක බලය පතුරවන ආකාරය, මනෝවිද්‍යාත්මක බලපෑම, සෞඛ්‍යමය සහ විද්‍යාත්මක හේතු සහ අවසානයට ග්‍රහයන් සහ ධනලක්ෂ්මි දේවියගේ බැල්ම වැටීම කියන ප්‍රධාන මාතෘකා හතරයි.
01 නිවසට ධනාත්මක බලය පතුරවන්නේ කොහොමද?වාස්තු විද්‍යාවට අනුව කරාබු නැටි කියලා කියන්නේ නිවසේ ඇති අහිතකර හෝ නිශේධාත්මක ශක්තීන්, එහෙම නැත්නම් negative energy උරාගෙන විනාශ කිරීමේ බලයක් තියෙන ද්‍රව්‍යයක්. ඒ වගේම කුරුදු යනු ධනාත්මක ශක්තිය, එහෙම නැත්නම් positive energy වේගයෙන් වර්ධනය කරන ද්‍රව්‍යයක් විදිහට සලකන දෙයක්. දැන් පහන දල්වන විට තෙල් රත්වී මෙම ද්‍රව්‍යයන් වල ඇති ගන්ධයන් දුම සමඟ මුසුවන විට නිවසේ තියෙන අඳුරු අහිතකර ශක්තීන් ඉවත් වී සුභ ශක්තිය ඇති වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේක නිසා ගෙදරට ධනාත්මක ආකර්ෂණය ලැබෙන්නේ.
කුරුදු සහ කරාබු නැටි තෙල් සමඟ මදක් රත් කරන විට ඉතා ප්‍රසන්න, සන්සුන් සුවඳක් නිවස පුරා පැතිරෙනවා. මේ සුවඳ මගින් මිනිස් මොළයේ ඇතිවන ආතතිය, එහෙම නැත්නම් stress එක සහ චින්තන අවුල් ජාලා අඩු කර සන්සුන් බවක් ලබා දෙනවා. සන්සුන් මනසක් ඇති වූ විට මිනිසා නිවැරදි තීරණ ගන්න පෙළඹෙනවා. එමගින් ප්‍රථිපලයේ හෝ ව්‍යාපාර වල සාර්ථකත්වය නගා කරගැනීමටත්, ධනෝපායන මාර්ග නිවැරදිව කළමනාකරණය කරගැනීමටත් ලොකු හැකියාවක් ලැබෙනවා.
03 සෞඛ්‍යමය සහ විද්‍යාත්මක හේතුකරාබු නැටි සහ කුරුදු වල සිනමැල්ඩිහයිඩ් සහ යුජිනොයිල් වගේ ප්‍රබල විෂබීජ නාශක සහ කෘමි නාශක සංයෝග අඩංගු වෙනවා. පහන පත්තු කරන විට පරිසරයේ ඇති නරක ගන්ධයන්, විෂබීජ සහ මදුරුවන් වගේ සතුන් ඉවත් වීම මේක නිසා සිද්ධ වෙනවා. නිවස පිරිසිදු සෞඛ්යාරක්ෂිත ස්ථානයක් බවට පත්වීම නිරෝගී භාවයට හේතු වෙනවා. මොකද නිරෝගිකම තමයි මිනිසුන් වශයෙන් අපිට තියෙන ලොකුම ධනය.
04 ග්‍රහයන් සහ ලක්ෂ්මි දේවියගේ බැල්ම වැටීමජ්යෝතිෂ්යයට අනුව කුරුදු සහ කරාබු නැටි යනු සිකුරු එහෙමත් නැතිනම් සැප සම්පත සහ බ්‍රහස්පති කියන්නේ ධනය සහ ප්‍රඥාව යන ග්‍රහයන්ට සම්බන්ධ ද්‍රව්‍යයක්. සුවඳවත්, ආලෝකවත් සහ පිරිසිදු පරිසරයකට ධනයට අධිපති ලක්ෂ්මි දේවියගේ සහ විශ්වයේ ධනාත්මක තරංග ආකර්ෂණය වෙන බව විශ්වාස කරනවා.
ඉතින් කෙටියෙන්ම කිව්වොත් මෙයින් එකපාරටම අහසින් මුදල් වැටෙන්නේ නැහැ. නමුත් නිවසේ ඍණාත්මක තරංග ඉවත් කරලා සුවඳවත්, ධනාත්මක පරිසරයක් සහ සන්සුන් මනසක් නිර්මාණය කිරීම මගින් පුද්ගලයාගේ උත්සාහයට සහ ධන උත්පාදන කටයුතු වලට අවශ්‍ය පසුබිම සකස් කර දීම මෙහි ඇති සැබෑ වාස්තු විද්‍යාත්මක සහ විද්‍යාත්මක රහසයි.
- Get link
- X
- Other Apps

Comments
Post a Comment