ඔබේ නිවස වටා ලුණු ස්වල්පයක් ඉසින්න... සිදුවන දේ ඔබ පුදුමයට පත් කරයි...
අපි අද කතා කරන්න යන්නේ කොයි ගෙදරකත් තියෙන කවුරුත් පාවිච්චි කරන ලුණු ගැනයි. ලෝකය පුරා තියෙන රටවල් දෙසිය ගානෙන් ලූණු පාවිච්චි නොකරන කිසිම රටක් නැහැ. ඒ තරමට හැම තැනම ලූණු පාවිච්චිය පැතිරිලා තියෙනවා. හැබැයි බොහෝ තැන් වල ලූණු පාවිච්චි වෙන්නේ ආහාර රසවත් කරන්නයි. ආහාර කල් තියා ගන්නයි විතරයි. නමුත් ලූණු වලින් ගන්න පුළුවන් ප්‍රයෝජන බොහොමයි. විස්තරය මෙතනින් ලූණු ආහාර කල් තියා ගන්න පාවිච්චි වෙන්න ප්‍රධාන හේතුව තමයි එයින් විෂබීජ විනාශ වෙන එක. මේ නිසාම දීර්ඝ කාලයක් තිස්සේ ලූණු ගෙවල් දොරවල් වල පිරිසිදුභාවය රැක ගන්නත් පාවිච්චියට ගැනෙනවා. ලූණු වල අනිත් පිරිසිදු කරන දියර වල වගේ කිසිම විෂ වර්ගයක් අඩංගු වෙන්නේ නැහැ. ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ඒ විදිහට ලූණු පාවිච්චි කරලා ගෙදර වැඩ පහසු කර ගන්න පුළුවන් ක්‍රම කිහිපයක්. නිකමට කරලා බලන්නකෝ මේ දේවල් මොන තරම් සාර්ථකද කියලා. කූඹින්ගෙන් ආරක්ෂා වීම අපිට තියෙන ලොකුම ප්‍රශ්න වලින් එකක් තමයි කූඹින්ගෙන් කෑම ආරක්ෂා කර ගන්න එක. වතුර පුරවපු බේසමක හරි කකුල් වලට වත...