හැම කැප් එකකම උඩ බොත්තමක් තියෙන්නේ ඇයි? හේතුව මෙන්න
අපි හැමෝම ජීවිතයේ එක් වතාවක් හරි කැප් තොප්පියක් දාලා තියෙනවා. ඒ හැම කැප් එකකම මුදුනේ පොඩි රවුම් බොත්තමක් තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ නිකන්ම ලස්සනට නෙවෙයි. ඔබට කවදාහරි ඒ ගැන හිතිලා තියෙනවද? අපි හිතන්නේ ඒක නිකන්ම ඩිසයින් එකක් කියලා.
නිකන්ම අලවපු අමතර කෑල්ලක් කියලා.නමුත් ඇත්තම හේතුව ඔබ හිතනවට වඩා ගොඩක් වෙනස්. හැබැයි මේක පුදුම හිතෙන ඉංජිනේරු කතාවකුත් තියෙනවා. මුලින්ම මේ බොත්තමේ නම බලමු. මේකට කියන්නේ "Squatchee" (ස්කොචී) කියලා. සමහරු "Squatcho" කියලත් කියනවා.
මේ නම ආපු විදිහත් හරිම අමුතුයි.බොබ් කොස්ටාස් (Bob Costas) කියන්නේ ප්‍රසිද්ධ ක්‍රීඩා නිවේදකයෙක්.මේක එයාගේ පාසල් කාලයේ යාළුවෙක් කියපු වචනයක්.1980 ගණන්වල ඔහු ඒක ටීවී එකෙන් කිව්වට පස්සේ ඒ නම ලෝකප්‍රසිද්ධ වුනා.
මේ බොත්තමෙන් කෙරෙන වැඩේ හරිම සරලයි.සාමාන්‍ය කැප් එකක් මහන්නේ රෙදි කෑලි 6ක් එකතු කරලා.ඒවා ත්‍රිකෝණ හැඩැති රෙදි කැබලි. ඒවට කියන්නේ panels කියලා. මේ රෙදි කෑලි හයම උඩින් එකතු වෙනවා. එතනදි ඝනකම මැහුම් දාර ගොඩක් එකතු වෙනවා.
ඒක තමයි කැප් එකේ තියෙන රළුම තැන.ඉස්සර මැෂින්වලට මේ තැන ලස්සනට මහන්න බැරි වුණා. ඒ නිසා ඇතුළෙන් ලෝහ කොක්කක් දැම්මා. එළියෙන් රෙදි ආවරණය කරපු බොත්තමක් තිබ්බා. දෙපැත්තෙන්ම තද කරලා මැහුම් ටික එකට අල්ලලා තිබ්බා.හරියට ක්ලැම්ප් එකක් වගේ.
නැත්නම් මැහුම් ගැලවෙන්න තිබුණු ඉඩ වැඩියි. මේ පුංචි බොත්තම නිසා ඉස්සර ලොකු කරදර වෙලා තියෙනවා. ඉස්සර මේ බොත්තම ඇල්ලුවේ ලෝහ ඇණයකින්. නමුත් එළියෙන් තිබුනේ රෙදි ආවරණයක්. හැබැයි ඇතුළෙන් තිබුණේ තද ලෝහ කෑල්ලක්.ඒක කෙලින්ම ඔළුවේ හිස්කබලට හේත්තු වෙලා තිබුණා.
ක්‍රීඩකයෙකුගේ ඔළුවට බෝලයක් වැදුණොත් මොකද වෙන්නේ?අර ලෝහ කෑල්ල කෙලින්ම හිස්කබලට තද වෙනවා. එතකොට ඔළුවට ලොකුවට තුවාල වෙනවා.
1950 ගණන්වල Brooklyn Dodgers කියලා බේස්බෝල් කණ්ඩායමක් හිටියා.එවැන්නක් සිදුවිය හැකි නිසා ඔවුන් කැප් එක ඇතුළට ආරක්ෂිත පෑඩ් වගයක් දාගෙන තමයි බේස්බෝල් සෙල්ලම් කරේ. මොකද හැමදේටම කලින් ඔලුව ආරක්ෂා කරගෙන ඉන්න ඕන නේ.
මේක ඔබට තේරුම් ගන්න පුළුවන් ප්‍රායෝගික විදියක් මම කියන්නම්. ඔබ කවදාහරි කැප් එකක් උඩින් ලොකු හෙඩ්ෆෝන් එකක් දාලා තියෙනවද විනාඩි දහයක් විතර ඉන්නකොට ඔළුව රිදෙන්න ගන්නවා. හිස්මුදුන තද වෙනවා. අන්න එතකොට මේ බොත්තම ලොකු කරදරයක්.මේ නිසාම හමුදා කැප්වල උඩ බොත්තම අයින් කළා.
විශේෂ බලකායන් පාවිච්චි කරන්නේ Operator Caps. ඒවගේ උඩ බොත්තමක් නෑ. ඒ වෙනුවට තියෙන්නේ පැතලි Velcro පටියක් විතරයි. ඒකෙන් හෙඩ්සෙට් දානකොට ඔළුවට බලපෑමක් වෙන්නේ නෑ.දැන් සාමාන්‍ය කැප්වලට ලෝහ වෙනුවට ප්ලාස්ටික් දානවා.හැබැයි බොත්තම තාමත් එහෙමම තියෙනවා.
අද තියෙන මැෂින්වලින් බොත්තම නැතුවත් කැප් මහන්න පුළුවන්.හැබැයි අපි පුරුදු වෙලා ඉන්නේ බොත්තම තියෙන කැප් එකට. බොත්තම නැත්නම් අපිට හිතෙන්නේ ඒක අඩුවක් කියලා. අපි නොහිතන පුංචි දේවල් පිටිපස්සෙත් ලොකු කතාවක් තියෙනවා.අපි නොහිතන පුංචි දේවල් පිටිපස්සෙත් ලොකු කතාවක් තියෙනවා.

Comments
Post a Comment