ඔබේ නිවසේත් මේ වැරැද්ද තියෙනවාද? නිතරම ලෙඩ රෝග සහ සල්ලි හිඟකම ඇතිවෙන හේතුව මෙන්න!
ගෙදරට කොච්චර සල්ලි ගෙනාවත් මාසෙ අන්තිමට ඉතුරු වෙන්නෙ නැත්තෙ ඇයි කියලා කවදාහරි ඔයා හිතලා තියෙනවද? එහෙමත් නැත්නම් ගෙදර එක්කෙනෙක් සනීප වෙද්දී තව කෙනෙක් ලෙඩ වෙන එක නතර වෙන්නෙම නැද්ද? ඇත්තටම මේක අහම්බයක් නොවෙන්න පුළුවන්.
ඔබ දැනට පදිංචි වෙලා ඉන්න නිවසේ ඔබ නොදකින වාස්තු දෝෂයක් මේ හැම ප්‍රශ්නයකටම මුල වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් අය හිතන්නේ වාස්තු විද්‍යාව කියන්නේ නිකම්ම මිත්‍යාවක් කියලා, හැබැයි ඒකෙන් පවුල් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? නිවසක හරි මැද, ඒ කියන්නේ බ්‍රහ්ම පාදය කියලා හඳුන්වන තැන තමයි මුළු නිවසටම ශක්තිය බෙදාහරින්නේ.
මේ හරියට බිත්තියක් අහු වුණොත් එහෙමත් නැත්නම් බර දෙයක් තිබ්බොත් ඒකෙන් පවුලේ සාමාජිකයන්ට දරුණු ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක සුදත් රෝහණ මහතා කියන විදිහට, එක ගෙදරක බ්‍රහ්ම පාදය උඩ තිබ්බ කුරහන් ගලක් අයින් කරපු ගමන්, අවුරුදු ගාණක් කතා කරන්න බැරුව හිටපු දරුවෙක්ට කතා කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා.
හිතන්න, අපි නොහිතන පුංචි දෙයකින් කොච්චර ලොකු බලපෑමක් වෙනවද කියලා. ගෙදර ගෘහ මූලිකයාට, ඒ කියන්නේ තාත්තාට හරි ස්වාමිපුරුෂයාට හරි වැඩියෙන්ම බලපාන්නේ නිවසේ මුදුන් යටලීයයි. ඒක උඩ ලොකු බර පටවලා තිබුණොත් එයාට නිතරම මානසික පීඩනය, ඔළුවේ කැක්කුම වගේම අංශභාගය වගේ දරුණු තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්..
ඒ වගේම තමයි බිත්ති උඩින් යන යටලීවලට හානියක් වුණොත් ඒක ගෙදර අම්මාට හරි බිරිඳට හරි තදින්ම බලපානවා. ඉතින් ලෙඩ රෝග වලට බෙහෙත් ගත්තත් සනීප වෙන්නෙ නැත්තෙ මේ වාස්තු ප්‍රශ්න නිසා වෙන්න පුළුවන්. ආර්ථිකය පැත්තෙන් බැලුවොත්, ගෙදර ඉස්සරහා දොරේ ඉඳන් නිවසේ පිහිටීම දක්වා දේවල් ඔබේ අතේ සල්ලි රැඳෙනවද නැද්ද කියන එක තීරණය කරනවා.
විශේෂයෙන්ම ප්‍රධාන යටලීවලට කෙලින් වැසිකිළි වළවල් හෝ ළිං අහුවෙලා තිබුණොත්, ඒ ගෙදර අයගේ රැකියා දියුණුව හිර වෙනවා වගේම අනවශ්‍ය වියදම් පවා අධික වෙන්න පුළුවන්. සල්ලි ලැබෙන මාර්ග අවහිර වෙනවා වගේ දැනෙන්නේ අන්න ඒ නිසයි. අපි ගොඩක් වෙලාවට කරන්නේ ගෙයක් හදද්දී බාසුන්නැහේ කියන විදිහටම හැමදේම කරන එක. ඒත් බාසුන්නැහේ කියන්නේ වාස්තු විද්‍යාඥයෙක් නෙවෙයිනේ. පොඩි මුදලක් ඉතිරි කරන්න ගිහින් ජීවිත කාලයම ලෙඩ ගොඩක් කරගන්න එපා.
නිවසක් කියන්නේ අපි හැමදාම ඉන්න තැන, ඒ තැන සතුට සැනසීම තියෙන්න නම් වාස්තු විද්‍යාවට අනුව ඒ දේවල් නිවැරදි කරගන්න එක හරිම වැදගත්. ඉතින් ඔබේ නිවසේත් මේ වගේ ලක්ෂණ තියෙනවා නම්, එහෙමත් නැත්නම් අලුතින් ගෙයක් හදන්න ප්ලෑන් කරනවා නම් මේ ගැන දෙපාරක් හිතන්න. ඔබේ පවුලේ අයගේ සෞඛ්‍යයයි සතුටයි තමයි ඔබේ ලෝකේ වටිනාම දේ වෙන්නේ. මුල් හිමිකරුට ස්තූතියි

Comments
Post a Comment