අදින් පස්සෙ රෙදි, ඇතිරිලි හෝදන්ඩ එපා! මෙන්න අලූත්ම සුපිරි ක්‍රමය!
- Get link
- X
- Other Apps
ඔයත් ඔයාගේ ගෙදර තියෙන කොට්ට, මෙට්ට, සෝෆා, වරු ගණන් කාලය වැය කරගෙන හෝදලා වේලන කෙනෙක්ද ? පණ කඩාගෙන සෝදන්න, වරු ගණන් අව්වේ දාන්න ඕනෑ නැහැ. ඔයාට පේන මෙන්න මේ දේවල් එකක් භාවිතා කරලා ගෙදර තියෙන හැම ඇතුරුල්ලක්ම විනාඩි දෙකෙන් සුපිරියට ක්ලීන් කරගන්න පුළුවන්. හරියට මේ දැන් කඩෙන් අලුතෙන්ම මිලදී ගත්තා වගේ.
ඇත්තටම ගෙදරක ඉන්න ගෘහණියකගේ කාලයෙන් බරුවක් හෝ ඊට වැඩි කාලයක් යනවා මේ වැඩේ සඳහා.ඉතින් ඊට වැඩිය ලේසි නැද්ද මේ දොර ජනෙල් රෙදි, එහෙම නැත්නම් කොට්ට, මෙට්ට, ඇඳ ඇතිරිලි ගලවන්නේ නැතුව ඒ තියෙන තැනම ඒ විදියටම තියලා සරල පියවර දෙකකින් විනාඩි දෙකක් ඇතුළත ෆුල් ක්ලීන් කරගන්න එක.
ඉස්සරහට කොච්චර තදට වැස්සත්, අව්ව පොදක් නොවැටුනත් ඔබේ ගෙදර ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට නම් ජීවිතේටත් සවුත්තු වෙන්නේ නැහැ. ඒක අපිට 100%ක් විශ්වාසයි. ඒ විතරක් නෙවෙයි ඔබේ වටිනා කාලය එහෙම් පිටින්ම මේ වැඩෙන් ඉතුරු කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් බලමු මේ ඩ්‍රයි ක්ලීනින් ක්‍රම මොනවද කියලා.
බේකින් සෝඩා ඩ්‍රයි ක්ලීනින් ක්රමවේදයඅපේ ගෙවල් වල තියෙන කොට්ට, මෙට්ට, සෝෆා වගේ සෝදන්න අමාරු බර දේවල් පිරිසිදු කරගන්න තියෙන ලේසිම සහ හොඳම විදියක් තමයි මේ බේකින් සෝඩා ඩ්‍රයි ක්ලීන් ක්‍රමය. මේ ක්‍රමයෙන් ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ ඒවායේ තියෙන නරක දුර්ගන්ධය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන එක. ඒ වගේම මෙට්ට, කොට්ට ඇතුලේ බෝවෙන දූවිලි මයිටාවන් සහ විසබීජ මර්ධනය කරන්නත්, ඇඳ ඇතිරිලි වල තියෙන තෙල් ගතිය සහ සුළු පැල්ලම් ඉවත් කරන්නත් මේකට ලොකු හැකියාවක් තියෙනවා.
මේ මිශ්‍රණය හදාගන්නේ මෙහෙමයිඔබට අවශ්‍ය වෙන්නේ බේකින් සෝඩා කෝප්ප එකක් විතර සහ ඔබට කැමති නම් සුවඳ essential oil බිංදු පහක් හෝ හයක් විතරයි. බේකින් සෝඩා ටික බෝතලයකට දාලා ඒකට essential oil ටිකක් එකතු කරලා හැන්දකින් හොඳට කලවම් කරගන්න.
භාවිතා කරන හැටිඔබ පිරිසිදු කරගන්න හදන මෙට්ටය හෝ කොට්ටය උඩ තියෙන දූවිලි වැකියුම් ක්ලීනර් එකක් හෝ අතින් තට්ටු කරලා ඉවත් කරගන්න. ඉතින් ඊට පස්සේ අපි මේ හදාගත්ත බේකින් සෝඩා පවුඩර් එක පෙනේරයක් ආධාරයෙන් මෙට්ටයේ හෝ කොට්ටයේ පුරාම ඒකාකාරීව ඉසින්න. ඊට පස්සේ අතින් හොඳට අතුල්ලලා පවුඩර් ටික රෙද්ද ඇතුලට පොඩ්ඩක් කා වැදෙන්න හරින්න. මෙහෙම පැය දෙකක් හෝ තුනක් තියෙන්න අරින්න. අවසානයේදී වැකියුම් ක්ලීනර් එකක් භාවිතා කරලා හෝ හොඳින් තට්ටු කරලා මේ පවුඩර් ටික සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න.
බේකින් සෝඩා කියලා කියන්නේ ස්වභාවික ඇල්කලයින් සංයෝගයක්. ඒක නිසා ඇඳ ඇතිරිලි වල සහ මෙට්ට වල තියෙන ආම්ලික දුර්ගන්ධ අංශු තමන්ගේ ඇතුලට උරාගෙන ඒවා උදාසීන කරනවා. ඒ කියන්නේ දාඩිය, තෙල් වගේ දේවල්. ඒ වගේම මෙට්ටයේ තියෙන තෙතමනය උරාගන්න නිසා තෙතමනයට කැමති මයිටාවන් සහ විසබීජ නිකන්ම විනාශ වෙලා යනවා.
දෙහි සහ ලුණුරෙදි වල තියෙන තද පැල්ලම් සහ කහ පාට වුණු තැන් ඉවත් කරගන්න දෙහි සහ ලුණු කියලා කියන්නේ පුදුමාකාර ස්වභාවික විසඳුමක්. මේ මිශ්‍රණය භාවිතයෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ පැල්ලම් සහ කුණු මැකීම. ඊට අමතරව දෙහි වල තියෙන සැර නිසා විසබීජ විනාශ වෙනවා වගේම නැවුම් දෙහි සුවඳක් රෙදි වලට එකතු වෙනවා.මේ මිශ්‍රණය හදාගන්නේ ඉතාම සරලව මෙන්න මේ විදිහටයි.
දෙහි ගෙඩි දෙකක් විතර යුෂ මිරිකගෙන ඒකට ලුණු කැට හෝ ලුණු කුඩු තේ හැඳි දෙකක් හෝ තුනක් එකතු කරගන්න. ලුණු ටික සම්පූර්ණයෙන් දිය නොවී තැටියක තියද්දිම පේස්ට් එකක් විදිහට හදාගන්න
මේක භාවිතා කරන්නේ මෙහෙමයිමෙට්ටය, කොට්ටය හෝ ඇඳ ඇතිරිල්ලක තියෙන කුණු එහෙම නැත්නම් තද පැල්ලම් උඩට මේ දෙහි සහ ලුණු මිශ්‍රණය දාගන්න. ඉතින් ඊට පස්සේ පරණ දත් බුරුසුවක් හෝ රෙදි බුරුසුවකින් හෙමින් අතුල්ලන්න. ඊට පස්සේ පැයක් විතර අව්වේ වේලෙන්න අරින්න. අව්වට වේළුනාට පස්සේ මේ ලුණු ටික වියළුණු රෙදි කෑල්ලකින් පිසදාලා අයින් කරගන්න. තෙත රෙදි කෑල්ලකින් නැවත හෙමින් පිහදාගන්න. මෙට්ටේ තෙත ගතිය යන්න හොඳට අව්වේ පැයක් විතර වේලාගන්න ඕනේ.
මේ ක්‍රමයෙන් වෙන්නේ දෙහි යුෂ වල තියෙන සිට්රික් ඇසිඩ් මගින් රෙදි වල බැඳිලා තියෙන පැල්ලම් සහ පුස් වල අණු කඩලා වෙන් කරනවා. ලුණු මගින් එක පැත්තකින් ස්ක්‍රබ් එකක් වගේ ක්‍රියා කරලා පැල්ලම් ගලවලා දාන්න උදව් වෙනවා. අනිත් පැත්තෙන් තෙතමනය උරාගන්නවා. අව්වේ තියෙන පාරජම්බුල කිරණ එක්ක මේ දෙක එකතු වුනාම ස්වභාවික බ්ලීචින් පාරක් වැදිලා මේ පැල්ලම් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා.
තේ කුඩුතේ බීලා ඉතිරි වෙන තේ කුඩු විසි කරන්නැතුව අපේ ගෙදර තියෙන ගණකම් මෙට්ට, කාපට් සහ කොට්ට වල තියෙන දුර්ගන්ධය යවන්න පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ තද දුර්ගන්ධය නැතිවෙලා යාම සහ ඇතුලේ තියෙන කුණු රොඩු, දූවිලි අංශු පහසුවෙන්ම ඉවත් කරගන්න පුළුවන් වීමයි.
මිශ්‍රණය හදාගන්නේ මෙන්න මෙහෙමයි.තේ හැදුවට පස්සේ ඉතිරි වෙන තේ කුඩු ටික වතුරෙන් හොඳට සෝදාගන්න. මොකද ඒකේ තියෙන තේ පාට එහෙම නැත්නම් ඩයි ගතිය සම්පූර්ණයෙන්ම ඉවත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රෙදි වල මේ පාට හිටින්න පුළුවන්. සෝදපු තේ කුඩු ටික පත්තර කොලයක් උඩ දාලා බාගෙට වේලාගන්න. සම්පූර්ණයෙන්ම වේලෙන්න අරින්න එපා. පොඩි තෙත ගතියක් තියෙන්න ඕනේ.
භාවිතා කරන්නේ මෙහෙමයි.බාගෙට වේලාගත්ත තේ කුඩු ටික ඔබ පිරිසිදු කරන්න හදන මෙට්ටය හෝ ඇතිරිල්ල උඩට විසින්න. විනාඩි 20ක් හෝ 30ක් විතර ඒක එහෙම්මම තියෙන්න අරින්න. ඊට පස්සේ කොහු බුරුසුවකින් හෙමින් අතුගාන්න හෝ වැකියුම් ක්ලීනර් එකක් භාවිතයෙන් තේ කුඩු ටික සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. මේ මිශ්‍රණයෙන් පිරිසිදු වෙන්නේ කොහොමද කිව්වොත් තේ කුඩු වල තියෙන ටැනින් කියන සංයෝගයට පුළුවන් අප්‍රසන්න ගඳවල් තමන්ගේ ඇතුලට උරාගන්න. ඒ වගේම තේ කුඩු වල තියෙන ලා තෙත ගතිය නිසා රෙදි අස්සේ තියෙන අයින් කරන්න අමාරු ඉතාම පොඩි දූවිලි අංශු කුඩු වල තැවරෙනවා. එවිට අතුගානකොට හෝ වැකියුම් කරද්දී ඒ දූවිලි ටික ලේසියෙන්ම ඉවත් වෙනවා.
- Get link
- X
- Other Apps

Comments
Post a Comment