සමහර වෙලාවට අපිට හිතෙනවා ලෝකය කියන්නේ හරිම පුදුමාකාර තැනක් කියලා. තවත් වෙලාවකට හිතෙනවා අපේ ජීවිතවල සිද්ධ වෙන හැම දෙයක්ම කවුරුහරි කලින්ම සැලසුම් කරලා ඉවරයි කියලා. අද මම ඔබට කියන්න යන්නේ ඒ වගේ හිතාගන්නවත් බැරි, ඇඟ හිරිවැටෙන තරම් පුදුම සහගත සත්‍ය කතාවක්.
අදින් වසර 24කට කලින්, ඒ කියන්නේ 2000 වසරේදී ෂු කියන තරුණිය චීනයේ චින්ඩාවෝ (Qingdao) නගරයට එන්නේ නිවාඩුවක් ගත කරන්න. ඇය එදා එතැන තියෙන සුප්‍රසිද්ධ රතු පාට දැවැන්ත පිළිමය (May Fourth Square) ඉදිරිපිට හිටගෙන හරිම ලස්සන පින්තූරයක් ගන්නවා. සුදු පාට ගවුමකින් සැරසිලා හිටපු ෂු ගේ ඒ පින්තූරය ඇගේ නිවාඩුවේ මතකයක් විතරයි
කාලය ගෙවිලා ගියා. 2011 වසරේදී මේ ෂු ට යේ කියන තරුණයාව මුණගැහෙනවා. ඔවුන් දෙන්නා ආදරය කරනවා, පස්සේ විවාහ වෙනවා. දැන් ඔවුන්ට හුරුබුහුටි නිවුන් දියණියන් දෙන්නෙක් පවා ඉන්නවා. ඔවුන් ජීවත් වුණේ හරිම සාමාන්‍ය, සතුටින් පිරුණු පවුල් ජීවිතයක්.
නමුත් 2018 මාර්තු මාසයේ එක දවසක මේ හැමදේම වෙනස් වුණා
යේ තමන්ගේ බිරිඳගේ මහගෙදරට ගිය වෙලාවක පරණ පින්තූර ඇල්බමයක් බලමින් ඉද්දි තමයි අර 2000 වසරේ ෂු ගත්ත පින්තූරය ඇස ගැටෙන්නේ. ෂු හිනාවෙලා ඉන්න ඒ පින්තූරයේ පසුබිමේ ඉන්න එක්තරා පුද්ගලයෙක් දැක්කම යේ ගේ පපුව ගැහෙන්න ගත්තා.
පින්තූරයේ ෂු ට පිටුපසින් නිල් පාට ටී-ෂර්ට් එකක් ඇඳපු තරුණයෙක් ඇවිදගෙන යනවා පේනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි, මීට අවුරුදු 11කට කලින් ඇයට මුණගැහෙන්න හිටපු, අනාගත සැමියා වුණු යේ ම තමයි
යේ ට තමන්ගේ ඇස් අදහගන්න බැරි වුණා. ඔහු වහාම තමන්ගේ පරණ පින්තූරත් පරික්ෂා කළා. පුදුමයක මහත එදා හරියටම ඒ වෙලාවෙම, ඒ තත්පරයේම ඔහුත් ඒ පිළිමය ඉදිරිපිටම ඉඳලා තියෙනවා. ඔහු ගත්ත පින්තූරයේ ෂු ගේ රුව පසුබිමේ නොතිබුණත්, ෂු ගේ පින්තූරයේ ඔහු ඉතා පැහැදිලිව සටහන් වෙලා තිබුණා.
ඔවුන් දෙන්නා 2011 දී මුණගැහෙන්න අවුරුදු 11කට කලින්, ඔවුන් එකම තැනක, එකම තත්පරයේ හුස්ම අරගෙන තියෙනවා. නන්නාඳුනන දෙන්නෙක් විදියට එකම පින්තූරයක පෙනී ඉඳලා තියෙනවා.
මේ පුවත චීනය පුරා වෛරල් වෙද්දී බොහෝ දෙනෙක් කිව්වේ මේක නම් අහම්බයක් වෙන්න බැහැ, මේක දෛවය විසින් නියම කරපු දෙයක් කියලා. යේ පවසන්නේ තමන් මේ පින්තූරය දකිද්දී ඇඟ හිරිවැටී ගිය බවත්, තමන්ගේ ආදර කතාව ගැන අමුතුම ගෞරවයක් ඇති වුණු බවත්ය.
අපේ ජීවිතවලට එන හැම මනුස්සයෙක්ම එන්නේ අහම්බයකින් නෙවෙයි. සමහරවිට ඔයා අද ආදරය කරන කෙනා, මීට අවුරුදු ගාණකට කලින් ඔයා ගත්ත පින්තූරයක කොහේ හරි කෙළවරක ඉන්නවා වෙන්න පුළුවන්.
උපුටා ගැනීමක්..
Comments
Post a Comment