වත්ත සුද්ද කරන්න කමිමැලීද? මේවා හතරෙන් එකක් වත්තට spray කරන්ඩ!
- Get link
- X
- Other Apps
මේ සඳහා ඔබට අවශ්‍ය වෙන්නේ ගෙදර දිනපතාම භාවිතා කරන ලුණු කුඩු සහ රෙදි සෝදන කුඩු විතරයි. මුලින්ම වතුර ලීටර් එකක් අරගෙන ඒකට ලුණු කුඩු කෝප්ප භාගයක් එකතු කරගන්න. ඉතින් ඊට පස්සේ රෙදි සෝදන කුඩු එහෙම නැත්නම් දියර මේස හැඳි දෙකක් දාලා හොඳින් දිය වෙනකම් හැඳි ගාගන්න.
මේ මිශ්‍රණය මගින් තණකොළ මැරෙන්නේ කොහොමද කියලා විද්‍යාත්මකව බැලුවොත්:ලුණු වල තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් මගින් පසෙහි සහ තණකොළ ශාකය ජල විභාගය වෙනස් කරනවා. ඒ කියන්නේ ප්රාස්මොසිලිස් කියන ක්‍රියාවලිය හරහා තණකොළ ශාකයේ සෛල ඇතුලේ තියෙන වතුර සියල්ලම එළියට ඇදලා ගන්නවා. දැන් ජල විභහතා අනුක්‍රමණය බිඳවැටීම නිසා ශාකයේ සෛල ප්ලාස්මය හැකිලීමට ලක්වන අතර ශාකයේ සෛල තුළ පීඩනය බිඳවැටී ශාකයේ අතිශය වේගයෙන් විජලනය වෙලා ඉක්මනට වියලෙන්න පටන් ගන්නවා. රෙදි සෝදන කුඩු මගින් වෙන්නේ තණකොළ පත්‍ර මත තියෙන ආර්ශිත ඉටි ස්ථරය දියකර හැරීමයි. ශාක පත්‍ර මතුපිට පිහිටන මේ ඉටි තට්ටුව හඳුන්වන්නේ ක්යුටිකල් ස්ථරය කියලයි. රෙදි සෝදන කුඩු මගින් මේ ක්යුටිකල් ස්ථරය දියකර ජලය මතුපිට ආතතිය අඩු කරනවා. ඒක නිසා ලුණු වතුර පත්‍ර ඇතුලට සහ පත්‍ර වල තියෙන පත්‍ර හුස්මලස්සේ අභ්‍යන්තර පටක වෙත ඉතා පහසුවෙන් ගමන් කරනවා. ඒ වගේම මේ දියරය පත්‍ර මත රැඳී සිටීමටත් මෙය විශාල ලෙස උදව් වෙනවා. මෙය එකතු වූ විට පැය 48ක් ඇතුළත තණකොළ සම්පූර්ණයෙන්ම කහ පැහැවී, මැළවී විනාශ වෙලා යනවා.
සුදු විනාකිරි සහ බේකින් සෝඩා මිශ්රණයඅපිට අවශ්‍ය වෙන්නේ සුදු විනාකිරි, බේකින් සෝඩා සහ වතුර කියන අමුද්‍රව්‍ය තුන. වතුර ලීටර් එකකට විනාකිරි කෝප්ප එකක් සහ බේකින් සෝඩා මේස හැඳි දෙකක් එකතු කරගන්න. බේකින් සෝඩා එකතු කරද්දී රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරමින් එකපාරටම උපුරලා යන්න පුළුවන්. ඒක නිසා ඉතා හෙමින් එකතු කරගන්න.
මේ මිශ්‍රණය වල් පැල විනාශ කරන්නේ විනාකිරි වල තියෙන ඇසිටික් ඇසිඩ් මගින්. ඇසිටික් ඇසිඩ් කියලා කියන්නේ ශාක පත්‍ර වල සෛල පත්‍ර විනාශ කරන ප්‍රබලම සංඝටකයක්. පත්‍ර වල සෛල විනාශ වූ විට ශාකයේ තියෙන ක්ලෝරොෆිල් හෙවත් හරිත ලව අක්‍රීය වී ශාකයේ ප්‍රභාසංශ්ලේෂණය කරන්න තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම නැතිවෙලා යනවා.
බේකින් සෝඩා හෙවත් සෝඩියම් බයිකාබනේට් මගින් පසෙහි සහ ශාක පත්‍ර මතුපිට pH අගය වෙනස් කරමින් සෛල වල රසායනික සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම බිඳ දමනවා. අම්ලයක් සහ භෂ්මයක් එකතු වූ විට හැදෙන රසායනික පරිසරය ශාක සෛල වලට දැඩි කම්පනයක් ලබා දෙනවා. ඉතින් මෙන්න මේක නිසා ශාකයට අවශ්‍ය ශක්තිය සහ ආහාර නිෂ්පාදනය නතර වී ඉතා ඉක්මනින්ම පත්‍ර කහ පැහැවී මැලවී විනාශ වී යනවා. තවද බේකින් සෝඩා මගින් ශාකය තුළ එන්සයිම ක්‍රියාකාරීත්වය අඩපණ කර පටක පිරිහීම වේගවත් කරනවා.
ඇසිටික් අම්ලය සහිත විනාකිරි සහ එප්සම් ලුණු මිශ්රණයමේ දියරය හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ ගෙදර නිතරම තියෙන විනාකිරි, එප්සම් ලුණු සහ වතුර කියන දේවල් ටික. වතුර ලීටර් එකකට විනාකිරි කෝප්ප එකක් සහ එප්සම් ලුණු මේස හැඳි තුනක් එකතු කර හොඳින් දිය කරගන්න.
විනාකිරි වල ඉතා ඉහළ ප්‍රමාණයෙන් ඇසිටික් ඇසිඩ් ඇතුලත් වෙනවා. ඇසිටික් ඇසිඩ් කියලා කියන්නේ ස්වභාවිකවම ශාක පටක ක්ෂය කරන බලවත් අම්ලයක්. එය තණකොළ පත්‍ර මත පතිත වූ විට පත්‍ර වල සෛල බිත්ති වලට හානි කරමින් ශාකයේ සෛලීය ආකෘතිය විනාශ කරනවා. පත්‍ර වල සෛල බිඳ වැටීම නිසා ශාකයේ අභ්‍යන්තර සෛල ප්ලාස්මය පිටතට කාන්දු වෙන්න පටන් ගන්නවා
එප්සම් ලුණු කියලා කියන්නේ මැග්නීසියම් සල්ෆේට් වලටයි. එප්සම් ලුණු අධික සාන්ද්‍රණයකින් යෙදූ විට ශාකය මගින් පහසුවෙන් ලබා ගන්නා වෙනත් අත්‍යවශ්‍ය පෝෂක, ප්‍රධාන වශයෙන්ම පොටෑසියම් සහ කැල්සියම් වගේ සංඝටක උරාගැනීම සම්පූර්ණයෙන්ම වළක්වනවා. මෙය ශාකයේ පෝෂණ පද්ධතිය අක්‍රීය කර දමන අතර සෛල වල ප්ලාස්මොලිසිස් (Plasmolysis) ක්‍රියාවලිය වඩාත් වේගවත් කරනවා.අධික ආම්ලිකතාවය සහ අධික ලුණු සාන්ද්‍රණය එකතු වූ විට තණකොළ ශාකය කෙටි කාලයක් තුළ විජලනය වී පරවී යනවා.
එහි මැග්නීසියම් සහ සල්ෆර් අතිරික්තයක් ඇති කිරීමෙන් ශාකයේ මුල් වල පටක පිළිස්සීමට ලක් වෙනවා. හිතවතුනි, ඔබ හොඳින් හිරු එළිය තියෙන වෙලාවක මේ දියරය යෙදුවොත් පත්‍ර මත ඇති අම්ල වල ක්‍රියාකාරීත්වය වැඩි වී ප්‍රතිඵල තව තවත් වේගවත් වෙනවා.
ඩෙටෝල් සහ ෂැම්පු මිශ්රණයඅපිට අවශ්‍ය වෙන්නේ ගෙදර හැමෝම ළඟ තියෙන ඩෙටෝල්, ඒ වගේම ඕනෑම ෂැම්පු වර්ගයක් සහ වතුර. වතුර ලීටර් එකකට ඩෙටෝල් මිලිලීටර් 50ක් සහ ෂැම්පු මේස හැඳි තුනක් එකතු කරලා හොඳින් කවලම් කරගන්න.
මේ ඩෙටෝල් වල තියෙන ක්ලෝරොක්සයිලෙනෝල් (Chloroxylenol) සහ ඇල්කොහොල් සංඝටක මගින් ශාක සෛල වල පටක විනාශ කරමින් සෛල ඇතුලේ තියෙන ප්‍රෝටීන් සම්පූර්ණයෙන්ම විකෘති කර දමනවා. එමගින් මේ සෛල නැවත යථා තත්වයට පත්වීමට ඇති හැකියාව මුළුමනින්ම නැති වෙලා යනවා.
ෂැම්පු මගින් ශාක පත්‍ර වල තියෙන ස්වභාවික ආරක්ෂිත ඉටි ස්ථරය මුළුමනින්ම දියකර දමන නිසා ඩෙටෝල් වල තියෙන රසායනික සංයෝග ශාකයේ අභ්‍යන්තර ශාක පටක වලට අතිශයින්ම වේගයෙන් රිංගා බහිනවා. ෂැම්පු මගින් මේ දියරය පත්‍ර පුරා ඒකාකාරීව පැතිරීමට සලස්වනවා. මේ නිසා ශාකයට අවශ්‍ය හිරු එළිය සහ තෙතමනය ලබා ගැනීමේ හැකියාව අහෝසි වී පැය කිහිපයක් ඇතුලත තණකොළ කොළ පැහැයේ සිට දුඹුරු පැහැය දක්වා හැරී සම්පූර්ණයෙන්ම මැළවී යනවා.
ඔබේ ගෙවත්තේ පාරවල් අයිනේ සහ ගස් ගල් අස්සේ වැවෙන තද තණකොළ වර්ග මර්ධනය කරගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ මිශ්‍රණය ඉතාමත්ම සාර්ථකයි.ඒ වගේම ඔබ මේ සෑදූ දියර වර්ග භාවිතා කිරීමේදී ගෙවත්තේ අපිට අත්‍යවශ්‍ය වෙනත් වටිනා ශාක, ඒ කියන්නේ මල් පැල හෝ වෙනත් වගාවන් මතට මේවා නොවැටෙන සේ පරිස්සමෙන් ස්ප්‍රේ කිරීමට ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න ඕනේ. මන්ද මේ දියර වර්ග තණකොළ වලට පමණක් නොවෙයි, ඕනෑම ශාක පත්රයකට වැටුනු විට ඒ ශාක පටක විනාශ කිරීමට සමත් වෙනවා.
මේ සියලුම ක්‍රම වෙළඳපොලේ ඇති කෘතිම රසායනික වල්නාශක වලට වඩා පරිසර හිතකාමී මෙන්ම අපේ නිවසේ තියෙන දේවල් වලින් ඉතාම අඩු වියදමකින් හදාගන්න පුළුවන් අතිශය සාර්ථක ක්‍රමවේද වෙනවා.
- Get link
- X
- Other Apps

Comments
Post a Comment