උයන පිහින අයට දරාගන්න බැරි ආරංචියක්.. අත්‍යවශ්‍ය බඩු 3ක මිල එකපාරටම ඉහළට!

සාමාන්‍ය ජනතාවගේ දෛනික කෑම වේලට නැතුවම බැරි අත්‍යවශ්‍යම තුනපහ සහ එළවළු වර්ග කිහිපයක මිල එකවරම දැවැන්ත ලෙස ඉහළ යාම නිසා පාරිභෝගික ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. ආනයනික අර්තාපල්, ලොකු ළූණු සහ වියළි මිරිස් මිල මෙලෙස සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය අනාවරණය කරන්නේ.

මෙම මිල වැඩිවීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මෙරටට වැඩි වශයෙන් වියළි මිරිස් සපයන ඉන්දියාවෙන් මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම පාහේ අත්හිටුවීමට සිදුවීමයි. නියමිත ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වීම නිසා ආනයනික වියළි මිරිස් කන්ටේනර් 100කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා මීට පෙර තහවුරු කළා. ප්‍රමිති ආයතනය සහ ආහාර පරීක්ෂකවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද එම කන්ටේනර් තොගය මෙරට වෙළඳපොළට මුදා නොහැර ආපසු හරවා යැවීමට (ප්‍රතිඅපනයනයට) පියවර ගෙන තිබෙනවා.
මෙම සිදුවීමත් සමඟ ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ සංගම් ශ්‍රී ලංකාවට වියළි මිරිස් එවීම නතර කර ඇති බවයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්. විනායග සුන්දරම් මහතා පවසන්නේ. සැපයුම සීමා වීමත් සමඟ මේ වන විට දේශීය වෙළෙඳපොළේ වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 1300ක් තරම් අතිවිශාල අගයක් දක්වා ඉහළ නැග තිබෙනවා. මේ අතර, පවතින 'එල් නිනෝ' දේශගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් ආනයනික අර්තාපල් සහ බී ළූණු මිල ගණන් ද තවත් 10%කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. එදිනෙදා උයන පිහින ගෘහණියන්ට මෙන්ම හෝටල් සහ ආපනශාලා හිමියන්ටද මෙම හදිසි මිල වැඩිවීම දැඩි හිසරදයක් බවට පත්ව අවසන්

Comments