අම්මාගේ අඩුව පුරවන්න දරුවා වෙනුවෙන් පාසලට පැමිණි පියෙකුගේ ස,වේදී කතාව
- Get link
- X
- Other Apps
අගෝස්තු මාසෙ කියන්නේ තායිලන්තයේ පාසල්වල ටිකක් කලබල කාලයක්. ඒ රටේ අගෝස්තු 12 වෙනිදාට යෙදෙන, තායිලන්තයේ සිරිකිට් (Sirikit) මව් රැජිනගේ උපන්දිනය වෙනුවෙන් පවත්වන මව්වරුන්ගේ දිනය නිසා සෑම ඉස්කෝලෙකම වගේ ලොකු උත්සවයක් ලෑස්ති කරනවා. ළමයි හැමෝම තමන්ගේ අම්මලාගේ දෙපා ළඟ දණගහලා, සුදු පාට පිච්ච මල් මාලා දීලා වඳින ලස්සන සිරිත් විරිත් ටිකක් ඒකේ තියෙනවා.
හැබැයි මේ උත්සවය ඇතුළේ අපි නොහිතන විදියේ හරිම සං|වේ| දී, ඒ වගේම ටිකක් අමුතු සිදුවීමකුත් සිද්ධ වෙනවා.
කන්චනබුරි පැත්තේ ඉස්කෝලෙක තිබුණු මෙන්න මේ වගේ මව්වරුන්ගේ දින උත්සවයකට එක්තරා පිරිමි කෙනෙක් ආවා. ඔහු ආවේ සරමකුයි කමීසෙකුයි ඇඳගෙන නෙවෙයි.
ඇඟට හිරවුණු, ලේස් අල්ලපු ලස්සන ක්‍රීම් පාට ගවුමක් ඇඳලා, කොණ්ඩෙට පුංචි බෝ එකකුත් ගහගෙනයි ඔහු ඉස්කෝලේ පුටුව උඩ වාඩිවෙලා හිටියේ.
මුලින්ම මේ පින්තූරය දකින ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මොකක්ද මේ කියලා. සමහර විට විහිළුවක් වගේත් හිතෙන්න පුළුවන්.
මටත් පාරටම මේක දැක්ක ගමන් හිතුණේ ඒ වගේ දෙයක්.
හැබැයි මේ කතාව පිටුපස තියෙන ඇත්තම හේතුව දැනගත්තාම ඕනෑම කෙනෙකුගේ හදවත නතර වෙනවා.
මේ ගවුම ඇඳගෙන ඉන්නේ අවුරුදු 32ක් වුණු චාට්චායි "සෑම්" පනුතායි කියන තාත්තා.
ඔහු single dad කෙනෙක්. ඒ කියන්නේ පුතාලව දෙන්නා හදාවඩාගන්නේ අම්මෙක් නැතුව තනිවම. ඔවුන් දෙදෙනා වෙන් වුනාට පස්සේ ඇය පදිංචියට යුරෝපයට ගිහින් තියෙනවා.
ඉතින් මේ මව්වරුන්ගේ දින උත්සවය වෙලාවේදී, පන්තියේ අනිත් ළමයි හැමෝම තමන්ගේ අම්මලාට මල් මාලා තියලා වඳිද්දී, එයාගේ අවුරුදු පහක විතර වැඩිමල් පුතා ඕසෝන්ටයි, අවුරුදු තුනක බාල පුතා ඉම්සෝම්ටයි තමන්ගේ අම්මා නැහැ නේද කියලා අඩුවක් දැනෙයි කියලා මේ තාත්තට ලොකු බ|ය| ක් හිතිලා තියෙනවා. ඔහුට ඕන වුණේ නැහැ පුතාලා අනිත් ළමයි ඉස්සරහ කොන්වෙනවා බලන්න.
අන්න ඒ නිසයි මේ තාත්තා හරිම අපූරු, ඒ වගේම හරිම ධෛර්යවන්ත තීරණයක් ගන්නේ.
ලෝකය මොනවා කියයිද, පන්තියේ අනිත් අය තමන් දිහා බලලා හිනාවෙයිද කියන කිසිම දෙයක් ගැන ඔහු හිතුවේ නැහැ.
ඔහු කෙලින්ම ගියේ තමන්ගේ අක්කාගේ ඇඳුම් අල්මාරිය ළඟට.
අක්කාගේ ලස්සන ගවුමකුයි කොණ්ඩ බෝ එකකුයි ඉල්ලගෙන ඒක ඇඳගෙන එයා කෙලින්ම ඉස්කෝලෙට ආවා.
අර පුංචි පුතාලා දෙන්නට අම්මා කෙනෙක්ගේ අඩුව නොදැනෙන්න, ඔහු ඉස්කෝලේ පුටුව උඩ අම්මා කෙනෙක් විදියට වාඩි වුණා.
ඇත්තටම මට මේක විශ්වාස කරන්නත් අමාරුයි.
පිරිමි කෙනෙක් විදියට තමන්ගේ සමාජීය තත්ත්වය, ලැජ්ජාව, නැත්නම් මිනිස්සු මොනවා හිතයිද කියන බ|ය| අමතක කරලා පුතාලා වෙනුවෙන් මෙහෙම දෙයක් කරන්න කොච්චර නම් ආදරයක් තියෙන්න ඕනද?
පස්සේ මාධ්‍යවේදීන් මේ ගැන අහද්දී සෑම් හදවතින්ම කියපු පුදුම කතාවක් තිබුණා: "මගේ පුතාලා දෙන්නට අම්මා කෙනෙක් නෑ කියලා සමාජය ඉස්සරහා අඩුවක් දැනෙනවා බලන්න මට ඕන වුණේ නැහැ. මම අම්මා කෙනෙක් වුණේ මගේ පුතාලා වෙනුවෙන් විතරයි."
අපේ සමාජයේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ අම්මා කෙනෙක්ගේ ආදරය විතරයි මේ තරම් සං|වේ|දී වෙන්නේ කියලා.
හැබැයි තාත්තා කෙනෙකුගේ ආදරය කියන්නේ ඊට වඩා වෙනස්, හැබැයි ඒ තරම්ම ගැඹුරු දෙයකට.
මේ සිදුවීම සිද්ධ වුණේ 2018 අවුරුද්දේදී.
ඒ වෙලාවේ සෑම්ගේ හොඳම යාළුවෙක් වුණු කෝන්පැට් කියන කෙනා තමයි මේ වීඩියෝ එකයි පින්තූර ටිකයි ෆේස්බුක් එකට එකතු කරන්නේ.
පැය කිහිපයක් යන්න කලින් මුළු ලෝකයම මේ ගැන කතා කරන්න පටන් ගත්තා. බීබීසී (BBC), ඉන්සයිඩ් එඩිෂන් (Inside Edition), බස්ෆීඩ් (BuzzFeed) වගේ ලෝකයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ජාල පවා මේ කතාව වාර්තා කළා.
මිනිස්සු මිලියන ගණනක් මේ වීඩියෝ එක බලලා හැ|ඬු| වා.
මේක නිකම්ම නිකම් අමුතු විදියට ඇඳගත්ත තාත්තා කෙනෙකුගේ වීඩියෝ එකක් විතරක් නෙවෙයි.
මේක ඇතුළේ ලොකු මානුෂීය කතාවක් තියෙනවා.
ළමයෙකුගේ මානසික මට්ටම ගැන, නැත්නම් "ළමා මනෝවිද්‍යාව" ගැන අපි කොච්චර පොත්පත්වලින් ඉගෙනගත්තත්, මේ තාත්තා ප්‍රායෝගිකව කරලා පෙන්නුවේ ඒක.
තමන්ගේ දරුවෝ අනිත් ළමයි ඉස්සරහා අසරණ වෙන එක නතර කරන්න එයා කරපු මේ කැපකිරීම ඇත්තටම වචනයෙන් විස්තර කරන්න අමාරුයි.
සරලව කියනවා නම්, මාපිය ආදරය කියන්නේ සීමා මායිම් ඇතුළේ හිරකරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
එදා ඒ ඉස්කෝලේ පන්තිය ඇතුළේ අනිත් ළමයි තමන්ගේ අම්මලාට මල් මාලා තියලා වඳිද්දී, පුංචි ඕසෝන් කිසිම බයක් නැතුව, කිසිම අඩුවක් දැනෙන්නේ නැතුව තමන්ගේ ගවුම ඇඳගත්ත තාත්තාගේ කකුල් දෙක ළඟ දණගහලා මල් මාලාව පූජා කළා.
ඒ වෙලාවේ ඒ තාත්තාගේ මූණේ තිබුණු හිනාවයි, පුතාගේ මූණේ තිබුණු සතුටයි දැක්කම ඕනෑම කෙනෙකුට හිතෙනවා ඒ ගවුම ඇඳගත්ත එක කොච්චර නම් වටිනවද කියලා.
අපි ජීවත් වෙන සමාජයේ බොහෝ වෙලාවට තාත්තලා කියන්නේ තදින් ඉන්න, ආදරය පිටතට පෙන්නන්නේ නැති චරිත වලට.
නමුත් තමන්ගේ දරුවාගේ සතුට වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න තාත්තා කෙනෙක් වුණත් සූදානම් කියන්න මේ සිදුවීම හොඳම සාක්ෂියක්.
අන්තිමේදී හිතලා බලද්දී, සමාජයේ සම්ප්‍රදායන්ට වඩා, මිනිස්සුන්ගේ කතාබහට වඩා තමන්ගේ දරුවාගේ පුංචි හදවත රිදෙන්නේ නැතුව තියාගන්න එක නේද ඇත්තටම වටින්නේ?අම්මා කෙනෙක්ගේ අඩුව පුරවන්න තාත්තා කෙනෙකුට බැරි වෙන්න පුළුවන්.
හැබැයි ඒ අඩුව දරුවන්ට දැනෙන්න නොදී ඉන්න තාත්තා කෙනෙකුට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියන එක නේද මේ කතාවෙන් අපිට කියන්නේ?
උපුටා ගැනීමක්..
- Get link
- X
- Other Apps

Comments
Post a Comment