වසර හයකට පසු නිවසට ආ හැටි දැකපු දෙමාපියන්ට ඉහමොළ රත්වෙයි
- Get link
- X
- Other Apps
හය දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවෙනියා ලෙස උපත ලැබූ පිරිමි දරුවාට මවගේ දැඩි ආදරයක් හිමිව තිබුණා. ඔහු කුඩා අවදියේදීම ඔහුගේ මවට තම සැමියා සමඟ ව්‍යාපාර කටයුතු සඳහා වෙනත් ප්‍රදේශයක පදිංචියකට යාමට සිද්ධ වෙනවා. මේ නිසා ඔහු බලා කියා ගැනීම වැඩි වශයෙන්ම පැවරී තිබුණේ ඔහුගේ දරුවාගේ මාමටයි.
කුඩා කාලයේ ඉඳලම එම දරුවාට කිසිඳු අඩුපාඩුවක් නොමැතිව පාසල් අධ්‍යාපනය ලබා දීමට මේ මව්පියෝ කැපවෙලා හිටියා. නමුත් ඔහු අධ්‍යාපනයට එතරම් උනන්දුවක් දැක්වුවේ නැහැ. ඔහු තරුණ වියට පත්වීමෙන් පස්සේ අවශ්‍ය වුණේ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා අධ්‍යාපනය ලබමින් ඉගනගෙන රැකියාවක නිරත වීමටයි. මව්පියෝ වත්පොහොසත් ව සිටීම නිසා මේ තරුණ පුද්ගලයා දැවැත් සැහැල්ලු ජීවිතයක් තමයි ගත කළේ. වයස අවුරුදු 15 පමණ වන විට ඔහුට මිතුරන් අතිවිශාල ප්‍රමාණයක් හිටියා.
කොහොම වෙතත් මේ තරුණ දරුවා මෝටර් බයිසිකලයක් මිලදීගෙන දෙන ලෙස සිය මවගෙන් ඉල්ලා සිටියා. තම පුත්‍රයාට තිබූ දැඩි ආදරය නිසා බයිසිකලයක් ගෙනදීමට මව අකමැති වුණා. ඒ ඔහු කිසියම් අනතුරක් සිදු කරගෙනු ඇතැයි සිතීම නිසාවෙන්. නමුත් මිතුරන්ගේ බයිසිකලයක් ඉල්ලාගෙන ඒවා පැදීමට ඔහු පුරුදුව සිටියා. බයිසිකලයක් පැදීමට තිබූ ආශාව නිසා එක් මිතුරෙකුගේ නිවසට යන ඔහු තම මිතුරා සමඟ බයිසිකලයෙන් ගමන් යාමට පුරුදු වුණා.
එදා 1963 ජූලි 29 වෙනිදා සිය මිතුරාගේ නිවසට ගිය ඔහු බයිසිකලයක් ඉල්ලාගෙන මිතුරා ද එයට නංවාගෙන පැදගෙන ආවා. නිවසේ ඉඳලා කිලෝමීටර් 10ක් පමණ වූ මාර්ගයේ ප්‍රබල වංගුවක් තිබ්බා. එම වංගුව පැමිණීමත් සමඟ ඉදිරියෙන් එන ට්‍රක් රථය ඔවුන්ට දකින්න ලැබුණේ නැහැ. සිදුවන්නට යන අනතුර දුටු පසුපස අසුනේ සිටි මිතුරා ජීවිතය පරදුවට තබා සයිකලයෙන් පිටතට පැන්නා. ඔහුගේ එක් අතක් කැඩුනා. ඔහුගේ ජීවිතය කෙසේ හෝ බේරුණා.
වේගයෙන් පැමිණි ට්‍රක් රථය බයිසිකලයේ ගැටුණා. පැදගෙන ගිය තරුණයාට දරුණු තුවාල සිද්ධ වුණා. ඔහු වහාම රෝහල් ගත කෙරුණා. බයිසිකලයටද දැඩි හානි සිද්ධ වුණා. රෝහල් ගත කළ නමුත් තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ තරුණයා ජීවත් වුණේ ඉතාමත් ස්වල්ප වේලාවක්. අධික ලෙස රුධිරය ගැලීමත්, ශරීරයට සිදු වූ තුවාල නිසාත් ඔහු මරණයට පත් වෙනවා.
ඒ වන විට ඔහු 17 වෙනි වියේ පසු වුණා. තම පුත්‍රයාට සිදුවුණු අවාසනාවන්ත ඉරණම නිසා මව්පියෝ සහ පවුලේ සොයුරු සොයුරියෝ දැඩි ලෙස කම්පාවට පත් වුණා. විශේෂයෙන්ම ඔහුගේ මිතුරු කණ්ඩායමට එය අතිශය ශෝකජනක සිදුවීමක් බවට පත් වුණා. ඔහුගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි මිතුරෝ රැසක් අවසන් ගෞරවය දැක්වුවා. නිවසේ ඥාතීන්ට, ඔහුට සිටි මිතුරන් සංඛ්‍යාව දැනගනු ලැබුවේ ඔවුන්ගේ එම පැමිණීමත් සමඟයි.
කඳු සහිත ප්‍රදේශයක් වූ ඔහුගේ නිවස පිහිටා තිබුණේ කඳු මුදුනේ ඉහළම ප්‍රදේශයක වු අතර කඳු පාමුල තවත් නිවාස කිහිපයක්ම පිහිටා තිබ්බා. එම නිවැසියෝද මෙම තරුණයාගේ අකල් මරණය පිළිබඳව දැඩි ලෙස ශෝකයට පත්ව සිටියා. කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියා. කොහොම වෙතත් එම නිවෙස් වලින් එක් නිවසක සිටි සුළු වෙළඳ ව්‍යාපාරයක් හිමිව සිටි යුවලකට පිරිමි දරුවෙකු ලැබෙනවා. එම දරුවාට ඔහු රබී යනුවෙන් නම් තැබුවා. බහ තෝරන වියට පත් වූ එම දරුවා යන්තම් වචන උච්චාරණය කිරීම ආරම්භ කළා.
වයස අවුරුදු දෙක හමාර පමණ වන විට තමයි ඒ දරුවා ආරම්භ කළේ වචන උච්චාරණය කරන්න. පෙර භවය පිළිබඳව තිබූ මතක සටහනක් හෙළි කරමින් මෙන්න මේ කියන දරුවා පෙර භවයේ තිබුණු තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කරන්නට පටන් ගත්තා. ඔහු සිටි නිවස ඉදිරිපිට විශාල ගේට්ටුවක් තිබූ බවත්, එම නිවසේ ඔහු සිටි නිවසට වඩා විශාල බවත් හෙළි කළා.
අනතුරුව පෙර භවයේ පියාගේ සහ මවගේ නම් ද හෙළි කරමින් එම මව්පියන් සිටි නිවසට යාමට අවශ්‍ය බව ඔහු පැවසුවා. ඉන් අනතුරුව දරුවාට එම නිවස පෙන්වීමටද හැකියාවක් තිබ්බා. මාස කිහිපයක් ගත වන විට දරුවාගේ එම ඉල්ලීම දිනෙන් දින වැඩි වෙන්නට පටන් ගත්තා. ඔහුට පෙර නිවසට යෑමට අවශ්‍ය බව කියමින් ඔහු හඬන්නට පටන් ගත්තා. තම පුත්‍රයාගේ ප්‍රකාශය අනුව ඔහුගේ පෙර නිවස සහ දෙමාපියන් සොයාගත හැකි දෙයන්න නිරීක්ෂණය කිරීමට මව්පියන් තීරණය කරනවා.
වයස අවුරුදු දෙක හමාර පමණ වන විට තමයි ඒ දරුවා ආරම්භ කළේ වචන උච්චාරණය කරන්න. පෙර භවය පිළිබඳව තිබූ මතක සටහනක් හෙළි කරමින් මෙන්න මේ කියන දරුවා පෙර භවයේ තිබුණු තොරතුරු විශාල ප්‍රමාණයක් අනාවරණය කරන්නට පටන් ගත්තා. ඔහු සිටි නිවස ඉදිරිපිට විශාල ගේට්ටුවක් තිබූ බවත්, එම නිවසේ ඔහු සිටි නිවසට වඩා විශාල බවත් හෙළි කළා.
ඒ අනුව වැඩි මහල් පුත්‍රයාද සමග ඔවුන් දරුවා රැගෙන එම නිවසේ පිහිටි බෑව් කියන ප්‍රදේශය වෙත ගියා. විශාල ගේට්ටුවක් සහිතව තිබුණු නිවසක් සොයා ගිය දරුවා නොබියව නිවස් ඇතුලට ගොඩ වුණා. නිවසට පැමිණි අය කවුරුන්දැයි නිවැසියෝ දැන් නොසිටියා. නිවස තුළට පැමිණි දරුවා වෙත පැමිණි එහි සිටි කාන්තාවක් ඔබ කවුදැයි ඇන්න ප්‍රශ්න කළා. ක්ෂණිකව පිළිතුරු දුන් දරුවා නමක් ප්‍රකාශ කළා. අනතුරුව නිවසේ සිටි මව්පියන් සහ සොයුරන් කිහිප දෙනෙක්වද ඔහු හඳුනාගෙන නම කියා ඇමතුවා.
ආගන්තුකයෙකු ලෙස නිවසට පැමිණි දරුවා සමග නිවස තුළ සහ නිවසට පිටතටත් එහි සිටි ඥාතීන් දරුවා ගැටුම ගියා. එහිදී නිවසේ තිබූ මියගිය තරුණයා පරිහරණය කළ භාණ්ඩ එම දරුවා විසින් නිවැරදිව හඳුනා ගත්තා.
පෙර භවයේදී සිදු වූ මෝටර් බයිසිකල් අනතුර පිළිබඳවත් නිවැරදිව හෙළි කළ ඔහු එදා එම බයිසිකලේ ගමන් ගත් මිතුරාගේ නමත් අනාවරණය කළේ පෙර භවය මව්පියන් පුදුමයට පත් කරමින්. අනතුරු සිදු වූ ප්‍රදේශයේ තමන් අනතුරෙන් පස්සේ ඔහු රෝහල් ගත කළ බවත්, පෙර භවයේ මතකයන් එම දරුවා එදා අනාවරණය කළේ වයස අවුරුදු තුනේදී පමණ සිටියදී. මේ දරුවාගේ පුනර්භවය සාධකය පිළිබඳව ස්ටීවන්ස් ඇතුළු පර්යේෂකයෝ පූර්ණ විමර්ශනයක් සිදු කළා.
.එහිදී දරුවා කළ ප්‍රකාශය මියගිය තරුණයාගේ ජීවිතය ගැන තොරතුරු දැඩි පර්යේෂණයක් පැවැත්වුවා. එම පර්යේෂණයේ වාර්තාව අනුව පෙර භවයේ හෙළි කළ දරුවා අනාවරණය කළ කරුණු 50කට අධික සංඛ්‍යාවක් ලිඛිතව සටහන්ව තිබුණා. ඒ ප්‍රධානතම වැදගත් කරුණු කීපයක් මෙන්න මේ ආකාරයට පවසන්නට පුළුවන්.
නිවසේ සඳහන්ව තිබූ නම කීම, නිවස පිහිටි ප්‍රදේශය පැවසීම, නිවස ඉදිරිපිට ගේට්ටුවක් හෙළි කිරීම, මවගේ නම ප්‍රකාශ කිරීම, පියාගේ නම ප්‍රකාශ කිරීම, සොහොයුර සොහොයුරියන්ගේ නම් ප්‍රකාශ කිරීම, ඇසුරු කළ මිතුරන් කිහිප දෙනෙකුගේ නම් ප්‍රකාශ කිරීම, බයිසිකලයේ පැදගෙන ගිය බව හෙළි කිරීම, එහි ගමන් ගත් මිතුරාගේ නම ප්‍රකාශ කිරීම, බයිසිකල් අනතුර සිදුවූ ගම් ප්‍රදේශය හෙළි කිරීම, අනතුර සිදු කළ ට්‍රක් රථය ගැන නිවැරදිව හෙළි කිරීම, රෝහල් ගත කිරීමෙන් පසු මරණය සිදු වූ අයුරු අනාවරණය කිරීම. මෙම කරුණු වලට අමතරව එදා එම දරුවාගේ හඳුනා ගැනීම් රැසක්ද දෙමාපියන් හඳුනා ගැනීම සහ ඥාතීන් ඇතුළු මිතුරන් කීප දෙනෙක්ව හඳුනා ගැනීම එයට ඇතුළත් තිබුණා.
මෙම සනාථ වීම් සියල්ලටම වඩා අතිශය පුදුම උපදවන සිදුවීමක් මෙම පුනර්භවයේ සාධකයක් ලෙස දැක්ව තිබුණා. එනම් පෙර භවයේ හෙළිකළ දරුවා ඊට වසර හතකට පමණ පසු එදා ඔහුගේ මරණය සිදු කළ ට්‍රක් රථයේ රියදුරා හඳුනා ගැනීමට සමත් වෙනවා. එම දරුවා මහා මග ගමන් කරමින් සිටියදී ඒ දුටු ට්‍රක් රථ රියදුරා වෙත ගිය දරුවා එදා ට්‍රක් රථයේ පැදවූ ඔබ නේදැයි අන්න විමසුවා. ළමා වියේ සිටි දරුවා ඒ පිළිබඳව ට්‍රක් රථයේ රියදුරාගෙන් විමසීම ගැන ඔහුද අතිශය පුදුමයට පත්වුණා. මේ අතර පෙර භවයේ හෙළිකළ දරුවා සහ මරණයට පත් වූ තරුණයන්ගේ ජීවන චක්රාවත් පිළිබඳව විමර්ශනයක් කරනු ලැබුවා.
එහිදී පෙර භවයේ හෙළිකළ දරුවාගේ ප්‍රියතම ක්‍රීඩාව වී ඇත්තේ බයිසිකල් පැදීම. ඔහු බයිසිකල් වලට අතිශය ප්‍රිය බවක් දක්නට තිබුණා. මියගිය තරුණයාද බයිසිකල් වලට දැඩි ආශාවක් දක්වා ඇති අතර මරණයට පත් වූයේද බයිසිකල් අනතුරකිනි. මියගිය තරුණයා දඩයමට මහත් ආශාවක් දැක්වුවා. පෙර භවයේ හෙළිකළ දරුවාද තරුණ වයසට පත්වීමෙන් පස්සේ ඔහු සතුන් දඩයම් කිරීම මහත් ආශාවක් දක්වා තිබ්බා.
පෙර භවයේ හෙලිකළ දරුවාද තරුණ වයසට පත්වීමෙන් පස්සේ ඔහු සතුන් දඩයම් කිරීම මහත් ආශාවක් දක්වා තිබ්බා. මියගිය තරුණයා ඉතාමත් හැඩවැඩට කැමැත්තක් දැක්වූ තරුණයෙක් වූ අතර පෙර භවයේ හෙලිකළ දරුවාද කුඩා කල සිටම මෝස්තර ඇඳුම් වලට ප්රියමවක් දැක්වූ ලැබුණා. පෙර භවයේ මරණය සිදුවූ අනතුර පිළිබඳව ඉතා පැහැදිලි අවබෝධයක් ඒවා දරුවාට තිබූ බවද පර්යේෂණයේදී අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබුණා. ඔහු ප්‍රකාශ කළ ආකාරයට ඒ අයුරින් මහාචාර්ය ශිෂ්‍යයන්ගේ පර්යේෂණ වාර්තාවේ සඳහන්ව තිබ්බේ
ඒ සාධක විමර්ශනය කරද්දී අනතුර සිදුවන විට බාර හරස් වීම නිසා බයිසිකලය එහි ගැටීම සිදුව ඇති බවද තහවුරු වෙනවා. මෙම පුනර්භවය පර්යේෂණ සිදුකරන ලද්දේ 1970 වසරේද ලේඛන ගතයේදී සඳහන් වෙනවා.
- Get link
- X
- Other Apps

Comments
Post a Comment