ගැබිනි මවක් විදිහට තමන්ගේ උපාධිය ගන්න බලාපොරොත්තුවෙන් හිටපු ග්‍රේස් සිම්චැක්ගේ (Grace Szymchack) සැලසුම වුණේ 2023 දෙසැම්බර් 15 වෙනිදා ග්‍රැජුවේට් වෙලා, ඊට දවස් තුනකට පස්සේ C-section සැත්කමකින් තමන්ගේ පුංචි පැටියාව ලෝකෙට ගේන්න. ඒත් එයාගේ කුසේ හිටපු පුංචි ඇනබෙල්ට (Annabelle) ඊට වඩා ලොකු හදිස්සියක් තිබුණා.
දෙසැම්බර් 6 වෙනිදා, ඒ කියන්නේ නියමිත දවසටත් කලින්ම ඇනබෙල් ලෝකෙට ආවා. C-section සැත්කමකින් පස්සේ ලැබෙන අමාරුකම් එක්ක දවස් කිහිපයකින් ග්‍රැජුවේෂන් එකට යනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒත් අවුරුදු 24ක් වුණු මේ තරුණ මව, අවුරුදු ගාණක් මහන්සි වෙලා කරපු කැපකිරීම් නිකරුණේ අතහරින්න සූදානම් වුණේ නැහැ.
සැත්කම සිද්ධ වෙලා දවස් 10ක් යද්දී, ග්‍රේස් තමන්ගේ අලුත උපන් පුංචි දියණියවත් වඩාගෙන උපාධි ප්‍රදානෝත්සවයට ආවා.
තමන්ගේ ග්‍රැජුවේෂන් ගවුම අස්සේ උණුසුම්ව ගුලි වෙලා හිටපු පුංචි ඇනබෙල් එක්ක ග්‍රේස් වේදිකාවට ගොඩවෙද්දී, එතන හිටපු 400කට වැඩි පිරිසකගේ අත්පොළසන් නාදය මුළු ශාලාව පුරාම පැතිරිලා ගියා. Early Childhood Education පිළිබඳ ගෞරව උපාධිය (Magna Cum Laude) අතට ගනිද්දී එයාගේ ලඟින්ම හිටියේ එයාගේ ජීවිතේ ලස්සනම සිහිනය.
සමහර ග්‍රැජුවේෂන් පින්තූරවලින් පෙන්නන්නේ එක උපාධියක් විතරයි. ඒත් ග්‍රේස්ගේ මේ පින්තූරයෙන් පෙන්නුවේ ආදරණීය අම්මා කෙනෙක්ගේ සහ දියණියකගේ අලුත්ම ජීවිතයක ආරම්භය
Comments
Post a Comment