දුම්රිය ස්ථානයේ සිගමන් යදිමින් සිටි සිය ගුරුවරිය වෙනුවෙන් එතනින් ගිය තරුණිය කරපු දේ
- Get link
- X
- Other Apps
ඇය හොඳ ගණිත ගුරුවරියක් වුණා. දිනක් ඇගේ සිසුවිය මේ ගණිත ගුරුවරිය දුම්රිය ස්ථානය අසල හිඟමනේ යෙදුනු දුටුවා. එහෙත් නිසලෙස තමාගේ ගුරුතුමිය බව සිසුවියට හඳුනා ගැනීමට හැකි වුණේ නැහැ. නමුත් සිසුවිය එම ස්ථානයට ගොස් විපරම් කර බැලූ විට ඇය අන් කිසිවෙකු නොව ඇගේ කුඩා කල පාසලේ ආදරණීය පන්තිභාර ගුරුවරියම බව දැනගත්තා.
සිසුවිය ඒ ගැන විමසූ විට ගුරුතුමිය පැවසුවේ ඇය විශ්රාමතිය පසු ඇගේ දරුවන් ඇය ඇරගොස් ඇති බවත්, ඔවුන් ඇගේ ජීවනෝපාය පිළිබඳ කිසිදු ආකාරයක සැලකිල්ලක් නොදක්වන බවත්ය. එබැවින් ඇය දුම්රිය ස්ථානයේ ඉදිරිපිට හිඟා කෑමට පටන් ගත් බවත් ප්‍රකාශ කළා. එම පුවත සුපස සිසුවිය වෙළෙහින්දක් මෙන් වැලපුනා. අනතුරුව සිසුවිය සිය ගුරුතුමිය ඇගේ නිවසට කැඳවාගෙන ගොස් ඇය වනාහවා පිරිසිදු කොට හොඳ ඇඳුමක් අන්දවා ආහාර පාන සියල්ලම පිළියල කර දුන්නා.
පසුව සිසුවිය ගුරුතුමියගේ අනාගත ජීවිතය සැලසුම් කිරීම සඳහා ඇය සමග ඉගෙනගත් අන් සෑම මිතුර මිතුරියක්ම සම්බන්ධ කරගත්තා. තවද ආදරණීය ගුරුතුමියට නිදහසේ ජීවත් වීමට වඩා හොඳ ස්ථානයක් සකස් කොට සිය මෑණියන් හා සමානව සලකමින් ගුරුතුමියට උපස්ථාන කළා. තමන්ගේම දරුවන් ඇයව හැර ගියා. නමුත් ඇය ඒ ගැන වූ දරුවන් ඔවුන් හැර ගියේ නැහැ. එය ගුරු ශිෂ්‍ය පරම්පරාවේ අති විශිෂ්ටත්වය පිළිබිඹු වන්නේ. ඇත්තෙන්ම එවැනි සිසුන් බිහි කරපු ඒ ගුරු මම සැබවින්ම වාසනාවන්තයි.
තමන්ගේ දරුවන්ට ඇයව එපා වෙද්දී ඇය සිප්සතර ලබා දුන් දරුවන් ඇයව ආදරයෙන් ආදරණීය අම්මා කෙනෙක් සේ රැක බලා ගනිමින් අදටත් පෝෂණය කරනවා. ඒ අතින් ඇය සිප්සතර ලබා දුන් දරුවන්ට ඇය ගැන ඇත්තේ පුදුමාකාර ගෞරවයක්, පුදුමාකාර භක්තියක්. ඉතින් ඒ ගුරුතුමිය සැබවින්ම මෙලොව සිටින වාසනාවන්ත ගුරුවරියක් නොවන්නේද?
- Get link
- X
- Other Apps

Comments
Post a Comment