මීට වසර පහකට පමණ සිදුවු මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් ඇසුරින් සැකයට භාජනය වූ සිදුවීමක්. ඇය ඉතාමත් සුන්දර වූ, 21 වියේ පසුවූත් හුරුබුහුටි තරුණියක්. කියවන්න පවුලේ සාමාජිකයින් වශයෙන් මව්පියන් දෙදෙනා ඇතුළු සහෝදරයා සමඟ සාමාජිකයින් හතර දෙනෙක්.වැඩිදුර අධ්‍යාපනය නොලැබූ ඇය තම මව්පියන්ගේ ආර්ථික දුෂ්කරතා බැහැර කිරීම සඳහා රැකියාවක් කිරීමට අදහස් කළත්, සුදුසු රැකියාවකට ඇයගේ අධ්‍යාපන මට්ටම හරස් වෙනවා. කෙසේ හෝ නිවසට ආසන්නයේ ලංකාවේ ඉතා ප්‍රසිද්ධ ඇඟලුම් ආයතනයක සේවිකාවක හැටියට ඇයට රැකියාවක් ලැබෙනවා. ලද දෙයින් සෑහීමකට පත්ව ඇය නිවසේ සිට දිනපතා රැකියාවට ගියේ කර්මාන්ත ශාලාවෙන්ම සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයකින්.මාසයකට දෙවරක් සේවා මාරු ක්‍රමයට තම රාජකාරිය ඉටු කළ අතර, එම සේවා වාර දෙකට අයත් වූයේ රාත්‍රී දින 15ක් සහ දවල් දින 15ක් සමගින්. සෑම දිනකම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ බස් රථය වේලාවට පැමිණෙන අතර, සේවා වාරය අවසන් වී රාත්‍රී කාලයේදී තම නිවස ළඟින්ම බැසීමට සිරිතක් වුණා. ඇයට පමණක් නොව ඇගේ සමීපතම සේවිකාවන්ටද එම සේවාව ඒ අයුරින්ම සිදු වුණා.පළමු දින 15 උදෑසන සේවය ආරම්භ වී අවසන් වන්නේ...
Comments
Post a Comment