රෝහලට ක,ඩා පැනපු තාත්තා කරපු දේ නිසා සිදු වුන දෙයින් වෛද්‍ය වරුන් පවා පුදුම වුනා..
- Get link
- X
- Other Apps
මේ එක එක විදිහට කෑම කියන එක අපේ ජීවිතයට ළඟයි. අපි බොහෝ දෙනෙක් කෑම කද්දි ඒ ගැන වැඩි හොයා බැලීමක් කරන්නෙ නෑ.රස නම්, අපිරිසුදු නැත්නම් කන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නෙ.
ඒ 2015 ජනවාරි 24 වෙනිදා රෑ... ටෙක්සාස්වල තියෙන Tomball Regional Medical Center රෝහලේ දැඩි සත්කාර ඒකකය බීප් බීප් ගාමින් එක දිගට ශබ්ද වෙන මැෂින්වල හඬ හැරුණාම වෙන කිසිම ශබ්දයක් නැහැ..
මේ නිහඬතාවය මද ඇඳ උඩ වැතිරිලා ඉන්නවා අවුරුදු 27ක තරුණයෙක්. එයාගේ නම ජෝර්ජ් පිකරින් (George Pickering III). අවාසනාවන්ත විදියට එකපාරටම ආපු තදබල 'Stroke' එකක්, එහෙමත් නැත්නම් අංශභාග තත්ත්වයක් නිසා එයාගේ මොළයේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වගේ නතර වෙලා තිබුණේ.
ඩොක්ටර්ස්ලා එයාගේ පවුලේ අයට දුන්නේ කනගාටු දායක ආරංචියක්...
"අපිට කණගාටුයි... එයාගේ මොළය දැන් වැඩ කරන්නේ නැහැ. එයා නැවත නැගිටින්න තියෙන ඉඩකඩ බිංදුවයි. අපි බලන් ඉන්නේ නැතුව එයා ජීවත් කරවගෙන ඉන්න Life Support මැෂින් ටික Off කරමු. අනික එයා ඉන්ද්රිය දායකයෙක් විදියට රෙජිස්ටර් වෙලා ඉන්න නිසා, වෙනත් අයගේ ජීවිත බේරගන්න එයාගේ ඉන්ද්රියයන් අරන් දෙන එක තමයි හොඳම දේ..."
වෛද්‍ය විද්‍යාව එතැනින් තීරණය ලබාදීලා ඉවරයි. මැෂින් ටික ගලවලා, වෙනත් රෝගීන් සනීප කරන්න ඔවුන් තීරණය කරලා ඉවරයි.. නමුත්... ඒ තීරණයට එකඟ නැති එකම එක පුද්ගලයෙක් හිටියා.. ඒ තමයි, ඒ තරුණයාගේ තාත්තා... ජෝර්ජ් පිකරින් (George Pickering II). ලෝකයේ ඕනෑම දොස්තර කෙනෙක්, ඕනෑම මැෂින් එකක් පුතා මැ*රිලා කියලා කිව්වත්, ඒ තාත්තාගේ හිත කිව්වේ වෙනස්ම කතාවක්. නෑ... මගේ කොල්ලා මාව දාලා යන්නේ නැහැ. එයා තාම ජීවත් වෙනවා
එදා රෑ, පුතාව නැතිවෙන්න යනවා කියන දරාගන්න බැරි වේදනාවත්, මේ තාත්තාගේ ඔළුව යක්ෂයෙක් ආවේශ වුණා වගේ වුණා. එයාට ඕන වුණේ එකම එක දෙයයි. ඒ තමන්ගේ පුතාගේ මැෂින් ටික ගලවන්න නොදී ඉන්න එක, ඔහු රෝහලට ඇතුල් වෙනවා..
එකපාරටම ජෝර්ජ් තමන්ගේ කබාය ඇතුළෙන් එලියට ගත්තේ තු*වක්කු*වක්
ICU එකේ හිටපු නර්ස්ලා, දොස්තරලා විතරක් නෙවෙයි, වටපිටාවේ හිටපු රෝගීන් පවා ගැස්සිලා ගියා.
"හැමෝම එලියට පලයල්ලා එකෙක්වත් මගේ පුතාට අත තියන්න ලෑස්ති වෙන්න එපා"
ජෝර්ජ් කෑගැහුවා. එයා නර්ස් කෙනෙක්ට තුවක්කුව දික් කරලා, ICU කාමරයේ හිටපු හැමෝවම එලියට පන්නලා, ඇතුලෙන් දොර ලොක් කරගත්තා.
විනාඩි ගණන් යද්දී හොස්පිට්ල් එක පිටිපස්සේ සයිරන් හඬවල් පිරී ගියා. පොලීසිය, SWAT සෙබළුන්, තුවක්කුකාරයෝ, හෙලිකොප්ටර්... මුළු රෝහලම එකම යුධ පිටියක් වුණා. SWAT ටීම් එක රෝහල වටකරලා, ඕනෑම මොහොතක දොර කඩාගෙන ඇතුලට පැනලා ජෝර්ජ් නවත්තන්න ඔව්න් සුදානම් වෙලා හිටියේ..
ඒ වෙනකොට රෝහලෙන් එලියට ආරංචිය ගිහින් තිබුණේ තු*වක්කු*වක් ගත්ත පිස්සු පියෙක්, ICU එකේ ඉන්න රෝගියෙක්ව ප්‍රාණ ඇපයට අරන් කියලා.
හැබැයි ඇත්තටම කාමරය ඇතුලේ ජෝර්ජ් හිටියේ SWAT එකට තු,වක්,කුව දික් කරගෙන නෙවෙයි. එයා හිටියේ සිහියක් නැතුව ඇඳ උඩ ඉන්න තමන්ගේ පුතාගේ ඇඳ ළඟ දණගහගෙන.
එයා පුතාගේ අත තදින් අල්ලගත්තා. ඇස්වලින් කඳුළු කම්මුල් දිගේ බේරෙද්දී, එයා පුතාගේ කනට කරලා හෙමින් හෙමින් කතා කළා... "පුතේ... උඹට තාත්තා කියන දේ ඇහෙනවා නේද? උඹ මාව දාලා යන්නේ නැහැ නේද කොල්ලෝ? ඩොක්ටර්ස්ලා බොරු කියන්නේ... උඹට පුළුවන් නම් තාත්තාගේ අත පොඩ්ඩක් තද කරන්න... ප්ලීස් පුතේ... තාත්තා වෙනුවෙන් එක පාරක් අත තද කරලා පෙන්වන්න..." පැයක් ගියා... පැය දෙකක් ගියා... පැය තුනක් ගියා...
එතකොටම... නොසිතූ මොහොතක ජෝර්ජ්ගේ අල්ලාගෙන හිටපු පුතාගේ ඇඟිලි පොඩ්ඩක් හෙලවුණා. ඊටපස්සේ.. ඒ තරුණයා තමන්ගේ තාත්තාගේ අත තදින් තද කළා එක පාරක් නෙවෙයි.. කීප පාරක්ම
ජෝර්ජ්ගේ ඇස්වලින් ආයෙමත් කඳුළු පැන්නා. එයා දැනගත්තා තමන්ගේ පුතා තමන්ව අතහැරලා ගිහින් නැහැ කියලා එයාගේ මොළය තාමත් වැඩ එයාට තාත්තාව ඇහෙනවා
පැය 4කට විතර පස්සේ, ජෝර්ජ්ගේ අනික් පුතා (ජෝර්ජ් III ගේ සහෝදරයා) සූක්ෂම විදියට කාමරයට ඇතුල් වෙලා, තාත්තාගේ අතේ තිබ්බ තු*වක්කු*ව ගත්තා. ජෝර්ජ් කිසිම ප්‍රතිරෝධයක් දැක්වූයේ නැහැ. එයාට ඕන වුණු දේ එයා කරලා ඉවරයි. එයා තමන්ගේ පුතාගේ ජීවිතය බේරගෙන ඉවරයි
ජෝර්ජ් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරලා, කිසිම කෙනෙක්ට හිංසාවක් නොකර පොලීසියට භාර වුණා.
නීතියට අනුව එයා කළේ මහා පරිමාණයේ අපරාධයක්. රෝහලකට ගි*නි අ*වි අරන් යෑම, තුව*ක්කු*වක් පෙන්වා තර්ජනය කිරීම සහ රෝහල් කටයුතුවලට බාධා කිරීම යටතේ ජෝර්ජ්ව අත්අඩංගුවට ගත්තා. එයාට විරුද්ධව නඩු පැවරුණා.
අන්තිමේදී එයා මාස 11ක් බන්ධනාගාර ගත වුණා.
දැන් ඔයාලට හිතෙනවා ඇති ඒ අවුරුදු 27 තරුණයාට ඊටපස්සේ මොකද වුණේ කියලා?
විද්‍යාව, දොස්තරලා, මැෂින් එකහෙලාම මැ*රිලා කියපු ඒ ජෝර්ජ් පිකරින් (ජූනියර්), ආශ්චර්යමත් විදියට ටිකෙන් ටික සුවපත් වුණා
ඔව් මාස ගණනක් යද්දී එයා සම්පූර්ණයෙන්ම සුවය ලබාගෙන ආයෙමත් තමන්ගේ පයින් නැගිට්ටා
පස්සේ කාලෙක මාධ්‍යවේදීන් ඇවිත් ඒ පුතාගෙන් ඇහුවා "ඔයාගේ තාත්තා එදා ඒ කරපු දේ ගැන ඔයාට මොකද හිතෙන්නේ?" කියලා. එතකොට ඒ පුතා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන දීපු උත්තරය මුළු ලෝකයම කම්පිත කළා...
" මගේ තාත්තා එදා ඒ දේ කළේ නැත්නම්, මම අද මෙතන නැහැ. දොස්තරලා මගේ මැෂින් ටික ගලවලා මාව වළලලා ඉවරයි. මගේ තාත්තා විතරයි මාව විශ්වාස කළේ. මට ජීවත් වෙන්න ආයෙමත් පාරක් හදලා දුන්නේ මගේ තාත්තාගේ ඒ නොසෙල්වෙන ආදරය විතරයි..."
උපුටා ගැනීමක්..
- Get link
- X
- Other Apps

Comments
Post a Comment