ගෙදර මීයන් පිරිලාද? මී කරදරයට තිත තබන්න ගම්මිරිස් වලින් මෙහෙම කරන්න!
ගෙදර මීයන් පිරිලාද? හැම තැනම ජරාව කරන එක නතර කරන්න ගම්මිරිස් වලින් මෙහෙම කරන්න.
රෑට සද්ද කරනවා විතරක් නෙමෙයි, කෑම බිම, ඇඳුම් පැළඳුම් විනාශ කරන මී කරදරයෙන් ඔබත් බැට කනවාද? මීයන් කියන්නේ රෝග පතුරුවන වගේම ගෙදර බඩු බාහිරාදියට ලොකු හානියක් කරන සනෙක්. මීයන් මරන්න පාවිච්චි කරන වස විසවල් ගෙදර ඉන්න කුඩා දරුවන්ට සහ සුරතල් සතුන්ටත් අවදානමක්
අද අපි බලමු ඔබේ කුස්සියේ තියෙන ගම්මිරිස් ස්වල්පයකින් මියන් පලවා හරින පුදුම හිතෙන රහස
ඇයි ගම්මිරිස් වලට මීයන් මෙච්චර බය?
මීයන් කියන්නේ ඉතාමත් නියුණු ආඝ්රාණ ශක්තියක් (සුවඳ දැනීමේ ශක්තියක්) ඇති සතුන් කොටසකි. ගම්මිරිස් වල ඇති සැර ගතිය සහ එහි අඩංගු පයිපරින් (Piperine) නැමැති රසායනික සංයෝගය මීයන්ගේ නාසයට සහ ශ්වසන පද්ධතියට දරාගත නොහැකි අපහසුවක් ඇති කරයි. ගම්මිරිස් සුවඳ දැනුණු සැණින් ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුවක් දැනෙන නිසා, එම ප්රදේශය මාරාන්තික යැයි සීතා ඔවුන් වහාම එතැනින් පලා යයි.
භාවිතා කළ යුතු නිවැරදි ක්රමය:
ස්ථාන හඳුනාගන්න:
මියන් නිතර ගැවසෙන තැන්, ඔවුන්ගේ සිදුරු අඳුරු මුළු සහ කෑම ගබඩා කරන ස්ථාන මුලින්ම පිරිසිදු කරගන්න.
ගම්මිරිස් කුඩු ඉසින්න හොඳින් කුඩු කරන ලද ගම්මිරිස් (Pepper Powder) මීයන් එන පාරවල් වල සහ ඔවුන් ලගින සිදුරු අසල ඝනකමට ඉසින්න.
පුළුන් බෝල ක්රමය:
ඔබට ගම් මිරිස් කුඩු ඉසීමට අපහසු තැන්වල (උදා: කබඩ් ඇතුළේ). ගම්මිරිස් තෙල් (Pepper Essential Oil) ස්වල්පයක් තැවරු පුළුන් බෝල තැබීමෙන් ද එම ප්රතිඵලයම ලබාගත හැකියි.
අලුත් කරන්න:
දින 2 - 3කට වරක් පරණ ගම්මිරිස් කුඩු ඉවත් කර අලුත් කුඩු ස්වල්පයක් ඉසින්න. එවිට එහි සැර ගතිය නොවෙනස්ව පවතී.
ප්රතිඵලය:
මෙය දින කිහිපයක් එක දිගට කිරීමෙන්, ඔබේ නිවස මීයන්ට ' අපල ස්ථානයක් බවට පත් වේ. එවිට ඔවුන් ඔබේ නිවස අතහැර වෙනත් ආරක්ෂිත ස්ථානයක් සොයා යනු ඇත.
credit goesto respective owners

Comments
Post a Comment