වටේටම මුහුද… එකම එක ගෙදරක්.. ලෝකයෙන්ම වෙන්වුණු ඒ පුංචි නිවසට අලුත් වෙනසක්..
ලෝකයේම අවධානය දිනාගත්, මිනිස් වාසස්ථාන කිසිවක් නැති දූපතක පිහිටි අමුතුම නිවසක් ගැන මේ දවස්වල ආයෙත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.
ලෝකයේම අවධානය දිනාගත්, මිනිස් වාසස්ථාන කිසිවක් නැති දූපතක පිහිටි අමුතුම නිවසක් ගැන මේ දවස්වල ආයෙත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.
අයිස්ලන්තයේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටි එඩ්ලෙයිඩා (Elliðaey) දූපතේ තියෙන මේ නිවස තමයි දූපතේ ඇති එකම නිවස. ඒ වටේ බලද්දි වෙනත් මිනිස් වාසස්ථානයක්වත් නැහැ.
හැබැයි මේ හුදකලා නිවසට දැන් අලුත් වෙනසක් එකතු වෙලා. මෙතෙක් භාවිත කළ පැරණි ඩීසල් ජනක යන්ත්ර ඉවත් කරලා, සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ කියන්නේ ලෝකයෙන් වෙන්වුණු මේ පුංචි නිවසට දැන් වඩාත් පරිසර හිතකාමී සහ ස්වයංපෝෂිත බලශක්ති ක්රමයක් ලැබෙනවා.
මේ නිවස ඉදිකර තිබෙන්නේ 1950 වසරේදී, එම දූපතට පෆින් (Puffin) කුරුල්ලන් දඩයම් කිරීම සඳහා පැමිණි දඩයම්කරුවන්ගේ සංගමයක් විසින් බව සඳහන් වෙනවා.
විශේෂම කාරණාව තමයි…
මේ දූපතේ විදුලිබලය හෝ අන්තර්ජාල පහසුකම් නොමැති වීම. ඒත් මේ නිවස සහ එහි පිහිටීම නිසා අද වන විට ලොව පුරා සංචාරකයන්ගේ විශේෂ අවධානය දිනාගත් ස්ථානයක් බවට පත්වෙලා තියෙනවා.
ඔයාට නම් මේ වගේ ලෝකයෙන්ම වෙන්වුණු තැනක දවසක් හරි ජීවත් වෙන්න පුළුවන් වෙයිද?
Comments
Post a Comment