හිස් වෙචිච ගෑස් ටැංකියෙන් ගෑස් ගන්න රහස් ක්‍රම
මේ ක්‍රමය මගින් ඔයාට පුළුවන් අප ඉවරයි කියලා හිතාගෙන හිටිය ගෑස් ටැංකියක් තවත් දවස් ගානක් වේල් කිහිපයක්ම කිසිම ප්‍රශ්නයක් නැතුව උයාගන්න හෝ වැඩකට භාවිතා කරන්න. මේක ඇත්තටම ඔයාගේ පොකට් එකට මාරම වාසියක්. එතකොට අපි මෙතනදී එක ක්‍රමයක් කියලා කිව්වට ඒ වගේ සුපිරි ක්‍රම දෙකක් ඔයාට කියලා දෙනවා. ඉතින් මේ ක්‍රමය මගින් දවස් දෙකේ සිට දවස් 10 දක්වා කාලයක් අපි ඉවරයි කියලා හිතාගෙන හිටිය ගෑස් ටැංකියක් භාවිතයට ගන්න පුළුවන්.
ඒ කොහොමද කියලා අපි කියන්නම් පළවෙනි ක්‍රමය ටැංකිය සිසිල් ජල බේසමක තබා භාවිතා කිරීම. ගෑස් ටැංකියක ගෑස් සම්පූර්ණයෙන්ම ඉවරයි කියලා හිතලා ලිප පත්තු නොකර තිබුණත් ඒක අඩියේ තාමත් දියර ස්වරූපයෙන් ගෑස් පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. අන්න ඒ ඉතුරු උණු ගෑස් ටික ආපහු පාවිච්චියට ගන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි සිසිල් ජලය පිරුණු බේසමක ටැංකිය තියාගන්න එක. ඉතින් මේකට කරන්න තියෙන්නේ ලොකු බේසමකට සාමාන්‍ය සිසිල් වතුර පුරවලා ගෑස් ටැංකිය අඩියේ සිට අඟල් කිහිපයක් එහෙම නැත්නම් ටැංකියෙන් භාගයක් විතර බැහෙන විදිහට වතුරේ ගිල්වලා තියෙන එක විතරයි. ඉතින් මෙහෙම තිබ්බම අවට පරිසරයේ තියෙන උණුසුම වතුර හරහා ටැංකියට ලැබිලා ඇතුලේ පීඩනය වැඩිවෙලා අර ඉතුරු වෙච්ච ගෑස් ටික ලිප පැත්තට එනවා. මේ ක්‍රමයේදී හොඳට සැලකිලිමත් වෙන්න ඕන වැදගත්ම දේ තමයි කිසිම වෙලාවක මේකට උණු වතුර පාවිච්චි කරන්න එපා. මොකද උණු වතුර දැම්මොත් ටැංකිය ඇතුලේ පීඩනය එකපාරටම වැඩිවෙලා පිපිරීම් වගේ දරුණු අනතුරු වෙන්නත් පුළුවන්. ඒ වගේම වතුර මට්ටම ටැංකිය අඩියට වඩා ගොඩක් උඩට යන්නේ නැති විදිහට තියෙන්න බලාගන්න ඕනේ. ඉතින් මේ වැඩේ කරද්දී ටැංකිය ගිනි මැළයක් ළඟ වගේ තියාගන්නේ නැතුව හොඳට හුළං වදින තැනක කරන එක තමයි ප්‍රායෝගිකම වෙන්නේ. විද්‍යාත්මකව මෙතනදි වෙන්නේ ගෘහස්ථ ගෑස් ටැංකිය ඇතුලේ තියෙන ප්‍රොපේන් සහ බියුටේන් කියන හයිඩ්‍රොකාබන් දියර විදිහට තියෙනකොට පාවිච්චි කර කර යද්දී ටැංකිය ඇතුලේ උෂ්ණත්වය බහින එකයි. උෂ්ණත්වය අඩුවෙනකොට වාෂ්ප වෙන වේගය අඩුවෙලා වාෂ්ප පීඩනයත් පහළ යනවා. එතකොට අඩිය දියර ඉතුරු වෙලා තිබුණත් ලිප පත්තු කරන්න තරම් පීඩනයක් ටැංකිය ඇතුලේ හැදෙන්නේ නැහැ. දැන් මේක සිසිල් ජල බේසමක තිබ්බම තාප හුවමාරුව නිසා වතුරේ තියෙන උණුසුම ටැංකියට ලැබෙනවා. ඒකෙන් දියර අණු ආපහු වායු තත්වයට හැරිලා වාෂ්ප පීඩනය වැඩිවෙලා පීඩන බලය හරහා ගෑස් වාෂ්පය නල මාර්ගයෙන් එළියට තල්ලු කරනවා.
දෙවන ක්‍රමය ගෑස් ටැංකිය මදක් ඇල කර හෝ බිම පෙරලා තැබීම. දැන් ගෑස් ටැංකියේ අඩියේ ඉතුරු වෙන දියර ගෑස් ටික පාවිච්චියට ගන්න පුළුවන් තවත් සුපිරිම ක්‍රමයක් තමයි ගෑස් ටැංකිය මදක් ඇල කරලා තියෙන එක. එහෙම නැත්නම් බිම පෙරලා තියෙන එක. ගෑස් ටැංකිය පිරවීමේදී අඩියේ තියෙන දියර ගෑස් පතුල පුරා සැතිරිලායි තියෙන්නේ. අන්න ඒ වෙලාවට රෙගුලේටරය වෙත වාෂ්ප වෙලා යන්න ඕන පීඩනය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් ටැංකිය පොඩ්ඩක් ඇල කරාම හෝ පෙරලුවම අර දියර ටික එක තැනකට එකතු වෙලා පීඩනය වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම එකතු කරගත්තම පතුලේ ඉතුරු වෙච්ච අන්තිම බිංදුව දක්වාම ඔයාට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ක්රමයද සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම කාරණාව තමයි ටැංකිය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙන විදිහට නම් තියන්න හුඟක් අමාරුයි. ඉතින් එහෙම කරොත් දියර විදිහට තියෙන ගෑස් ටික කෙලින්ම හෝස් එක හරහා ගිනි ගිහිල්ලා ලිපෙන් ලොකු ගිනිදැල් පැනලා අනතුරු වෙන්න පුළුවන්. ඒක නිසා ඇල කරලා තියෙනකොට ඒක හොඳට ආරක්ෂිතව හදවන්න. මොනවා හරි ආධාරකයක් අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම රෙගුලේටරය සවි කරලා තියෙන කපාටය පොළොවේ වදින්නේ නැති වෙන්න තියන්නත්, ගෑස් ලීක් වෙනවද කියලා පරීක්ෂා කරන්නත් වග බලාගන්න ඕනේ. ඉතින් විද්‍යාත්මකව මෙතනදී ගුරුත්වාකර්ෂණ බලය සහ සරල ගතික නීතිය තමයි වැඩ කරන්නේ. ටැංකිය ඇල කරාම ගුරුත්වාකර්ෂණය නිසා පතුලේ විසිරුණු දියර ගෑස් ටික එක්සම තැනකට එකතු වෙනවා. මෙතනදී මතුපිට වර්ගඵලය සහ වාෂ්පීකරණ වේගය අනුව බාහිර පරිසරයේ තියෙන තාපය ගෑස් ටැංකියට ලැබෙනවා. ඒ වගේම ටැංකියේ උඩ ඉදිකඩේ තියෙන වායු පීඩනය එකතු වුණු දියර ටික උඩ ක්‍රියා කරලා දියර අංශු වේගයෙන් වායු අවස්ථාව බවට පත් කරනවා. ඒකෙන් හැදෙන වාෂ්ප පීඩනය නිසා කපාටය හරහා ගෑස් සැපයෙන එක දිගටම ලිපට ලැබෙනවා. හරි හිතවතුනි, ගෑස් ටැංකියක අඩියේ ඉතුරු වෙන ගෑස් ප්‍රමාණයෙන් කොච්චර දවස් ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක නම් ගෙදර ඉන්න අයගේ ගණන. උයන පිහින විදිය සහ ලිප පත්තු කරන වාර ගාන මත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. .

Comments
Post a Comment