අපි හැමෝම ආසාවෙන්, ගුණදායකයි කියලා හිතලා කන මීකිරි හට්ටිය පිටුපස තියෙන බිහිසුණු ඇත්ත
අතීතයේ සිටම ශ්‍රී ලාංකික අපේ ආහාර සංස්කෘතියේ අතුරුපස අතර මී කිරි වලට හිමිවන්නේ ඉතාම අද්විතීය ස්ථානයක්. ගමේ වේවා, නගරයේ වේවා, වයස් භේදයක් නැතුව අපේ රටේ ඕනෑම කෙනෙක් මී කිරි කන්න ගොඩක් ආසයි. මී කිරි වල තියෙන ඉහළ පෝෂණ ගුණය සහ ස්වභාවික රසය නිසාම පුංචි දරුවන්ට පවා ඉතාමත් ගුණදායක අතිරේක ආහාරයක් විදිහට මී කිරි ලබා දෙන්න දෙමාපියන් ගොඩක් උනන්දු වෙනවා.
නමුත් අද වෙනකොට මේ සාම්ප්‍රදායික ගුණාත්මක ආහාරය පිටුපස අප නොසිතන තරමේ ඉතාමත් අක්‍රමික සහ භයානක ක්‍රියාවලියක් සිදුවෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මෙහිදී එක දෙයක් පැහැදිලිවම කියන්න ඕනේ. අප නිතර දකින පාර දෙපස තියෙන කුඩා වෙළඳසැල් හෝ සතිපොළේ කිරි අලෙවි කරන අහිංසක ගම් නිෂ්පාදකයන් නෙවෙයි මේකට වග කියන්න ඕනේ. මේ අක්‍රමිකතාවය පිටුපස ඉන්න ප්‍රධානතම වගකිව යුත්තන් වන්නේ සිය ගණනින් ගවයන් යොදාගෙන මහා පරිමාණයෙන් මී කිරි නිෂ්පාදනය කරන ඇතැම් කූට ව්‍යාපාරිකයන්.
බොහෝ විට ඔවුන්ගේ නිෂ්පාදනාගාර පිහිටලා තියෙන්නේ ජනශූන්‍ය වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවලයි. වෙනත් කිසිම නිරීක්ෂණයකට, පරීක්ෂාවකට හෝ සොයා බැලීමකට ලක් නොවෙන පරිසරයක තමයි ඔවුන් මේ කිරි මිදවීම සිදු කරන්නේ. ඒ නිසාම පාරිභෝගිකයාගේ සෞඛ්‍ය ගැන කිසිම තැකීමක් නොකර නොයෙකුත් හා, නිකර රසා,යනික ද්‍රව්‍ය මිශ්‍ර කරන්න මවුන්ට හරිම ලේසි වෙලා තියෙනවා. මහා පරිමාණ කූට නිෂ්පාදකයන් මී කිරි කල් තබා ගන්න භාවිතා කරන ප්‍රධානතම උපක්‍රමයක් තමයි ෆෝමලින් භාවිතය.
දොවාගත් කිරි මැටි හට්ටියට දැමුවාට පස්සේ ෆෝමලින් පෙඟවූ පුළුන් කැබැල්ලක් ඉතාමත් සූක්ෂ්ම ලෙස කිරි හට්ටිය තුළට දමා ක්ෂණිකව ඉවතට ගන්නවා. මේ ක්‍රියාවලිය කොතරම් සූක්ෂ්මද කියනවා නම් පරීක්ෂකවරුන්ට පවා පහසුවෙන් හසුකරගන්න බැරි මට්ටමේ උපක්‍රමශීලීව තමයි ඔවුන් මේ සිදු කරන්නේ. ඒ විතරක් නෙවෙයි මී කිරි හොඳින් කැටි ගැසීමට සහ එහි ඝනකම වැඩි කර ගැනීමට ඔවුන් ප්ලාස්ට් ඔෆ් පැරිස් මිශ්‍ර කරනවා. ඒ වගේම රබර් කිරි කැටි ගැසීමට ගන්නා ඇසිටික් ඇසිඩ් පවා කිරි රත් කරන අවස්ථාවේදී මිශ්‍ර කරන බව හෙළිවෙලා තියෙනවා. මෙන්න මේ විදිහට විදිහට නිපදවන මී කිරි කොළඹ ඇතුළු ප්‍රධාන නාගරික ප්‍රදේශවලට ප්‍රවාහනය කරලා ඊට පස්සේ නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය සඳහන් ලේබල් අලවලා වෙළඳපොළට නිකුත් කරනවා.

Comments
Post a Comment