වාහනේ රියදුරු එකවරම දුටු දෙයින් සිහිනැති වී ඇද වැටුනා
කුමාර කියන අද වෙනත් රැකියාවක් කරන, මීට කලින් මල් ශාලාවක රියදුරු රැකියාවක් කළ පුද්ගලයෙක් ඔහු දිනක් සිය අත්දැකීම ගැන විස්තර කරමින් කියල තිබුණේ මෙහෙම කතාවක්
"මම මේ කියන්නේ මීට කලින් මල් ශාලාවක වැඩ කරන කාලේ මට මුහුණපාන්න සිද්ධ වුණු අත්දැකීමක් ගැනයි. ඒක ගෙල වැලඳාගෙන ජීවිතය නැති කරගත්ත කාන්තාවකගේ මරණයක්. එදා අඟහරුවාදා දවසක්. සමහර අය අඟහරුවාදා රාත්‍රී 12 පසුවෙනකම් මරණ ගෙදරට ගෙනියන්නේ නැහැ. ඒ කියන්නේ රෑ 12 විදකල් මරණය තියාගෙන මල් ශාලාවට වෙලා නිදිත් නැතුව බලාගෙන ඉන්නවා කියන්නේ හරිම එපා වෙන වැඩක්. එදා බැරිම තැන මම කිව්වා, 'අයියේ, 12න් පස්සේ මිනිය ගෙදර ගත්තට 12ත් ඉක්මවලා ඒ ළඟට ගෙනියන්න හොඳ නැහැ කියලා කවුරුත් කියලා නැහැ. අපි තවත් තර්ක නොකර මිනිය අරගෙන යමු. ගේ මිදුලේ මිනිය තියාගෙන ඉඳලා 12 පැන්නම ඇතුළට ගත්තම ඉවරයිනේ.
අපරාදේ ඔයාලා සේරම මෙහෙම රස්තියාදු වෙන්න' කිව්වම එයාලා කැමති වුණා. මොන හේතුවක් තිබුණද කියන්න අදටත් මට තේරෙන්නේ නැහැ.සමහර මිනී එම්බාම් කරලා ඉවර වුණාම එම්බාම් කරපු කෙනාම කියනවා මේ මරණ දේහය ටිකක් upset කියලා. ඒ වගේම අරන් යන කෙනාට මොකක් හරි විඳවනවා වගේ වෙලා කියලා අපිට එහෙම දෙයක් කිව්වට, එයාට ඒ මිනිය කපනකම්, එම්බාම් කරනකම් කිසි ගානක් නැහැ. සමහර වෙලාවට ඒ වැඩ කරන ගමන් සිගරට් එකක් උරද්දීත් අත් ආවරණවල ගෑවිලා තියෙන දේවල්වලට සිගරට් එක දිස්සක් පෙඟිලා, ඒ කරන ගමන්ම ඒක කරපු කෙනාම තමයි එහෙම කතාවක් කියන්නේ.
එදා එයා එහෙම කතාවක් කියනවා මිනිය ගෙනියන්න ආපු එයාලගෙම කෙනෙක් අහගෙන හිටියා. ඒ හින්දද දන්නේ නැහැ, මිනිය ගෙනියන වෑන් එකේ පිටිපස්සට කවුරුවත් එයාලා ගොඩ වුණේ නැහැ. මේ ගිහින් හිටපු කාන්තාවගේ ස්වාමිපුරුෂයාත් හිටියා. එයත් නැග්ගේ එයාලා අරගෙන ඇවිත් තිබුණු වෑන් එකට. මම කතා කළාම බොහෝම අකමැත්තෙන් වගේ කෙනෙක් ඇවිත් මිනිය ගෙනියන්නේ මම එලවන වෑන් එකේ පිටිපස්සට නැග්ගා.මම දැන් කල්පනා කරන්නේ, මම වරද්ද ගත්තු වැරැද්ද ගෙවන්න මිනිය අරගෙන මෙතනින් 12 පහු වෙලා පිට වුණා නම්, මම එහෙම ආපහු එනකොට එළිවෙලා. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ.
ඒත් මේ කලින් යන හින්දා මට ආපහු එන්න වෙන්නේ නෑනේ තනියම. එතකොට දැක්කා මගේ යාළුවෝ ටිකක් පාර අයිනේ ඉඳලා ගෙදර යන්න එනවා. මම එයාලට කෝල් කරලා වෑන් එකට නංවා ගත්තා. පිටිපස්සේ ඉන්න හිතුණේ නැහැ.සේසත් ඇඳලා, මේ සේරම උපකරණත් එක්ක එක පැත්තකට පටවලා යාළුවෝ ඉඳගත්තේ මිනී පෙට්ටිය උඩ. ඒත් ඔහුගේ පපුව සහ ඔලුව කෙලින්ම අපි දෙන්නා මැද්දට දාගෙන ආවා. අපි ඒ ගිය පාරේ පාළු සොහොන් කනත්තක් අහුවෙනවා. ඒක පහු වෙනවත් එක්කම එකපාරටම ඇතුලේ තිබුණු ඇඳලා, සේසත්, තඩා බඩා ගාලා පෙරලන්න ගත්තා."
අපි හොඳට අහුරලා තිබුණු දේවල් බිම වැටෙන්න විදියක් නැහැ. ඒත් බිම වැටුණා. මහා ලොකුවට ඇහුණු ඒ සද්දය ඒ දේවල් බිම වැටීමකටත් වඩා කවුරුහරි ඒවා පොඩිපට්ටම් කරගෙන ඒ උඩ ඉඳගත්තා වගේ සද්දයක්. සොහොන් කනත්ත පහු කරනකොටම අපි හිටියේ පාරක කන්දක් උඩ වගේ. එතැනින් වාහනය පල්ලමට දානකොටම එකපාරටම දොර ඇරිලා ගියා. මම වාහනේ එහෙම්ම නැවැත්තුවා. එතැන පාලම නිසා ආයෙත් දොර ඉස්සරහට තල්ලු වෙලා ඇවිත් වැහුණා. සමහර වෙලාවට තරමක් නිදිමතෙන් හිටපු මගේ යාළුවා අතරමඟදී වෑන් එකට ගොඩකරගන්නකොට එයා බාගෙට දොර වහගෙන ඉන්න ඇති. දොර වැහිලා තිබුණෙමුත් දොර ඇරෙන්න බාධා තිබුණේ නැහැ. අනිත් එක, මේ දොර ඇරුණේ ලොකු පල්ලමකදී. පල්ලමකදී යන වාහනයක දොර ඇරෙන්න කවුරු හෝ දොර ඇරලා පස්සට තල්ලු කරන්නම ඕන.
ඒත් එදා ඒ දේ මගේ ඇස් ඉස්සරහම සිදුවුණා. සමහර විට මගේ යාළුවා, ඒ කියන්නේ මිනී පෙට්ටිය උඩ ඉඳගෙන හිටපු යාළුවා ඒ දේ කරන්න ඇති කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මමමයි දැක්කේ වාහනේ දොර ඇරෙනකොටම ඌ ඉස්සරහා සීට් එකට පැරිලා ඉවරයි. ඒ කියන්නේ ඒ දේ කවදාවත්ම ඌ කරපු දෙයක් නෙමෙයි. ඊටපස්සේ වාහනය මළගෙදරට යන්න කිලෝමීටර් දෙකක් තුනක් විතර පොඩි ගම්මානයක ආයෙත් නැවැත්තුවා. වෑන් එකේ හිටපු එයාලගෙම කෙනා මගේ යාළුවත් එක්ක කුඩුකුඩු ගාලා වෑන් එකෙන් බැහැලා ගම දිහාට ගියා. විනාඩි පහක් දහයක් ගියාට පස්සේ එයා ආයෙත් ආවා.
මම පුදුම බයවෙච්ච වෙලාවකදී බොහොම අවංකවම කියන්නේ, එම්බාම් කරපු මගේ හිතවතා කියපු විදිහට මේ මිනිහත් තියාගෙන ඒ රෑ මැද්දේ මම තනියම එතැන හිටියත් මට වෙන කිසිම සිදුවීමක් ඇති වුණේ නැහැ කියන එක කියන්නම ඕන දෙයක්. මගේ යාළුවාවත් ඇදගෙන වෑන් එකේ ආපු කෙනා තමයි වැඩිපුරම බයවෙලා තිබුණේ.හා පැටියෙක් පැන්නනම් මම පිස්සු හැදෙන තරම් බයකින් මගේ පපුව පිරිලා තිබුණේ. ඒත් එහෙම දෙයක් වුණේ නැහැ. ඒ හින්දා පල්ලමකට වෑන් එකක් බස්සනකොට උඩ පැත්තට දොරක් ඇරෙන්නේ කොහොමද කියලත් අදටත් මම කල්පනා කරනවා.
එහෙත් බණ්ඩාරවෙල මල් ශාලාවක කරකැවිලි රස්සාව ලෙස රැකියාව කළ අයෙකු දැක තිබුණේ මෙවැනි දේවල් මිනිස්සුන්ගේ මනසින් මවාගත් හෝ යම් යම් ආර්ථික වාසි ලබා ගැනීම සඳහා හෝ මල් ශාලාවේ හිමිකරු වෙත ආරංචි වීමට සලස්වන දේවල් යැයි තමන් කාලයක් විශ්වාස කළ බවයි.
"ඒත් අයියේ, මට ඒ මිනිහව අරගෙන යන්න තිබුණේ මැදිරිගිරියට. මඟදී බඩු නතර වුණා. ඒ කියන්නේ රෑ මැදියමේ අලි ගහන කැලෑවක් මැද්දේ වාහනේ නැවතුණා. හැබැයි අලින් නම් ආවේ නැහැ. කොච්චර හදන්න බැලුවත් වාහනේ ස්ටාර්ට් වෙන්නේම නැහැ. අපි වාහනේ පිටිපස්සෙන් ආපු එයාලගේ වාහනයක් තියෙනවා. ඒකෙත් කිහිප දෙනෙක් ඉන්නවා. පොඩ්ඩක් දන්න අය කොච්චර උත්සාහ කරලා බැලුවත් ස්ටාර්ට් කරන්න බැරි වුණා. ඒ විතරක් නොවෙයි, අපි දස දෙනෙක් දාලා තල්ලු කළත් ඇළවෙන්නැති විදිහට වාහනේ තදවෙලා.
පස්සේ බොස්ට කෝල් කරලා එයාගේ හිතවත් මල් ශාලාවක කියලා සර්විස් එකක් ගේන්න මිනිහෙක් එව්වා. ඒකට මාරු කරන්න අපි වාහනේ තල්ලු කරගෙන යන්න සූදානම් වුණා. ඒත් නිකමට වගේ අන්තිම මොහොතේ ස්ටාර්ට් කරලා බලන්න හිතුණා.
මෙන්න බොලේ, වාහනේ ස්ටාර්ට් වුණා! ආපහු මල් ශාලාවට ඇවිල්ලත් ඊළඟ සර්විස් එක එනකල් කිසිම කරදරයක් නැතිව දිව්වා. ඇත්ත ඒකයි.නමුත් අපි කියන්නේ නැහැ හොල්මන් අවතාර මැරිච්ච මිනිස්සුන්ගේ මළ සිරුරු එක්ක ගමන් කරනවා කියලා. ඒත් මොකක්දෝ අමුතු දෙයක් සිද්ධ වෙනවා සමහර වෙලාවට. ඒත් ඊටත් වඩා දේවල් මල් ශාලාවල් ඇතුළේ ඉන්න කොල්ලොයි ඒ වැඩේ කරන අය ඕන තරම් දැකලා තියෙනවා. ඒ වුණාට වැඩිපුර ඒවා ගැන හොයන්න බලන්න කතා කරන්නේ නැහැ. එහෙම වුණොත් මේ රස්සාව කරගෙන ඉන්න ලැබෙන එකක් නැහැ. හැබැයි ඔය මොන දේ ඇහුවත්, දැක්කත්, සිද්ධ වුණත් කිසිම කෙනෙකුට ජීවිත හානියක්, අනතුරක් වගේ දෙයක් නම් වෙලා කියලා අපිට ආරංචියක් නැහැ.
ලංකාව පුරා තියෙන මල් ශාලාවන්වල ඕන තරම් මෙවැනි සිදුවීම් ඔවුන් දැනුවත්වම ඔවුන්ට සිදුවෙලා ඇති."හොල්මන් සහ අද්භූත සිදුවීම් පිළිබඳ අදහස මෙවැනි කතා අසද්දී, මනුෂ්‍ය මනස, විද්‍යාව සහ අප දකින ලෝකයේ සීමාවන් අතර ඇති සංකීර්ණ සම්බන්ධය ගැන ගැඹුරින් සිතන්න සිදුවෙනවා.
මල් ශාලා, සොහොන්පොළවල් සහ මරණ ආශ්රිත පරිසරයන් කියන්නේ ස්වභාවිකවම මිනිස් සිත බියට පත් කරන, අඳුරු සහ අසාමාන්‍ය වාතාවරණයක් තියෙන තැන්. මිනිස් මොළය එවැනි අන්ත අභියෝගාත්මක සහ බියජනක අවස්ථාවකදී (විශේෂයෙන් රෑ මැදියමේ, නිදිමතෙන් සහ තෙහෙට්ටුවෙන් ඉන්න විට) තමන්ට දකින හෝ ඇහෙන සාමාන්‍ය දේවල් පවා අසාමාන්‍ය, භයානක විදිහට අර්ථකථනය කරන්න පෙළඹෙනවා.
මනෝවිද්‍යාත්මකව මේකට 'Pareidolia' (නොපෙනෙන රටා හෝ මවාගැනීම් සත්‍ය ලෙස දැකීම) සහ අධික බිය නිසා ඇතිවන මායාවන් (Illusions) බලපානවා.ඒ වගේම, වාහනවල හදිසි යාන්ත්‍රික දෝෂ, පාරවල්වල ස්වභාවය සහ ස්වභාවික සංසිද්ධි (හදිසියේ දොරක් ඇරීම වැනි භෞතික හේතු) සමහර වෙලාවට අද්භූත දෙයක් ලෙස අපිට දැනෙන්න පුළුවන්.
නමුත්, මේ වගේ ක්ෂේත්රවල (මල් ශාලා, හදිසි මරණ පරීක්ෂණ, රෝහල් ආශ්‍රිතව) වැඩ කරන බොහෝ දෙනෙක් මෙවැනි අත්දැකීම් මුහුණදීලා තියෙනවා කියන එකත් නොසලකා හරින්න බැහැ. විද්‍යාවට හෝ තාර්කික බුද්ධියට තවමත් සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න බැරි, ශක්තීන් (Energy) හෝ ස්වභාවධර්මයේ අප දන්නේ නැති පැති කිහිපයක් පවතිනවා වන්නට පුළුවන්.
.
Comments
Post a Comment