පන්සල ලග සිටි යාචකයාට හැමදාම කෑම එකක් දුන් තරුණියට යාචකයා මියයන මොහොතේදී කල දේ
මේ සිදුවීමට මුහුණ දුන්නේ අවුරුදු 22ක තරුණියක්. ඇය අහිංසක ධාර්මික විදිහට ජීවත් වෙන ගැහැණු ළමයෙක්. ඇය පදිංචි වෙලා හිටියේ බදුල්ලෙමයි.එදා පෝය දවසක්. ඇය අම්මත් එක්ක පාන්දරම පන්සලට ආවා සිල් සමාදන් වෙන්න. පන්සලේ එදා සිල් සමාදන් වෙන අය වෙනුවෙන් බත් මුල් දන්සලකුත් සංවිධානය කරලා තිබ්බා. සිල් පවත්වන වෙලාවට දන්සල පවත්වන්න දන්සලේ සංවිධායකයෝ කටයුතු කරලා තිබ්බා.
ඒ පෙට්‍රල් බවුසරේ වැදුණු නිසා නොවෙයි. බවුසරේ වැදුණු වෙලාවේ ඔහුට ඇතිවුණු බයට වගේම කම්පනය නිසා ඔහුට ඒ වෙලාවේ පපුවේ අමාරුවක් හැදුනා. ඒ වේදනාවෙන්මයි ඔහු ඒ වෙලාවේ අවසන් ගමන් ගිහින් තියෙන්නේ. මේ කතාව අහපු තරුණිය අඬන්න ගත්තා. ඇයට සෑහෙන්න දුකක් ඇතිවුනා.
නීතිඥයා ආයෙත් කතා කළා. ඔහු ලියවිල්ලක් තරුණියට පෙන්නුවා. "ඒක කියවලා බලන්න" කියලා නීතිඥයා තරුණියට කිව්වා. ඉන්පසුව ඒක කියවපු තරුණියගේ ඇස් තෙත් වුණා. ඒ තිබුනේ යාචකයාගේ අවසන් කැමැත්ත ලියපු කොළේ. ඔහු එදා ඉඳන් හිඟා කාලා හම්බ කරපු හැම සතයක්ම ඔහුගේ ගිණුමේ ඉතුරු කරලා තිබුණා..
"කාත් කවුරුවත් නැති මට තාත්තෙක්ට වගේ සැලකපු මේ දුවට මගේ නමින් ඇති ගිණුමේ තියෙන මුදල් මා මියගිය පසු අයිතිවන බව මම මගෙන් දිවුරා ප්‍රකාශ කරමි." යනුවෙන් ඔහුගේ අවසන් කැමැත්තේ සඳහන් වෙලා තිබුණා.
මේක තරුණියට වගේම ඇගේ අම්මටත් හීනයක් වගේ වුණා. රුපියලක දෙයක්වත් තරුණිය ඒ යාචකයාගෙන් බලාපොරොත්තු නොවී කරපු උදව් වලට යාචකයා කෙළෙහිගුණ සැලකපු හැටි ගැන ඔයාලට මොකද හිතෙන්නේ?

Comments
Post a Comment